Colombo Today Local NewsHot NewsNew Constitution

නව ව්‍යවස්ථා නිර්දේශවලට මල්වතු – අස්ගිරි මහා නාහිමියන් එරෙහි වේ

නව ව්‍යවස්ථාවක් සැකසීම සදහා අගමැතිවරයා විසින් පත්කරන ලද පාර්ලිමේන්තු ව්‍යස්ථාදායක මණ්ඩලයට ඉදිරිපත් කරඇති පළාත් බලය බෙදීම සම්බන්ධයෙන් වූ නිර්දේශවලට මල්වතු අස්ගිරි මහා නාහිමියන් විරුද්ධත්වය ප්‍රකාශ කර තිබෙනවා. ඊයේ උන්වහන්සේලා බැහැ දැකීමට අගමැතිවරයා ගිය අවස්ථාවේ විශේෂ ලිපි දෙකක් බාර දී ඇති අතර එමගින් අවධාරණය කර ඇත්තේ ඒකීය රාජ්‍ය පදනමට හානිවන කිසිදු කරුණක් නව ව්‍යස්ථාවට ඇතුළත් නොකළ යුතු බවයි. 

 

අස්ගිරි පාර්ශවයේ මහ නාහිමියන්ගේ අත්සනින් යුතුව අග්‍රාමාත්‍යවරයාට ලබා දුන් ලිපියේ ප්‍රධාන ක්ෂේත්‍ර 5ක් ඇතුළත් ය.

අදාළ ක්ෂේත්‍ර 5 පහත පරිදි වේ.

* යෝජිත ව්‍යවස්ථා සම්පාදන කාර්යයේදී ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් විය යුතු බව,

* පළාත් සභා බලතල සහ නීති සම්පාදනයේදී පළාත් පාලනයේ විධායක බලය මධ්‍යම රජයේ විධායකය යටතේ පැවතිය යුතු බව,

* දැනට පවතින අධිකරණ පද්ධතියෙන් බැහැරව වෙනත් අධිකරණයක් හෝ ව්‍යවස්ථාදායක අධිකරණයක් පිහිටුවීම නොකළ යුතු බව,

* බුදු දහමට ප්‍රමුඛස්ථානයක් ලබා දිය යුතු බව

* ජාතික ප්‍රතිපත්ති තීරණය කිරීමේ බලය මධ්‍යම රජය සතු විය යුතු අතර ගැටලු සහගත අවස්ථාවලදී සිංහල භාෂාව ප්‍රමුඛත්වයේ තබා කටයුතු කළ යුතුය යන කරුණු කෙරෙහි රජයේ විශේෂ අවධානය යොමු කරන ලෙස මහ නාහිමියන් සිය යෝජනාවලියෙන් පෙන්වා දෙයි.

අනතුරුව අග්‍රාමාත්‍යවරයා මල්වතු පාර්ශවයේ මහා නායක තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහ නාහිමියන් ද බැහැ දුටුවේ ය.

එහිදී මහ නාහිමියන් විශේෂ ඉල්ලීම් කිහිපයක් මුල් කර ගත් ලිපියක් අග්‍රාමාත්‍යවරයා වෙත යොමු කළේ ය.

ඒ, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදන හෝ ව්‍යවස්ථා සංශෝධනය කිරීම හා උතුරු නැගෙනහිර පළාත් සඳහා සුවිශේෂී බලතල පවරා දීම පිළිබඳ ක්‍රියාමාර්ග පිළිබඳව ය.

එහිදී මහා නායක හිමියන් පෙන්වා දී ඇත්තේ හුදු ජාතිවාදී, ආගම්වාදී, පක්ෂවාදී පටු ආකල්පයන්ට කොටු වී වර්තමාන අභියෝග ජයගත නොහැකි බව පිළිගන්නා නමුත්, රටේ ඒකීය ව්‍යුහයේ පැවැත්මට ජාතික, ආගමික සංහිඳියාවට හානිකර පරිදි කරුණු යෙදෙමින් පවතින්නේ නම් එය අනුමත කළ නොහැකි බව ය.

වන රක්ෂිතවල ජනපද පිහිටුවීමේ ක්‍රියාවලිය නතර කිරීමට වහා පියවර ගත යුතු බව ද පෙන්වා දෙන මල්වතු මහ නාහිමියන්, උතුරු නැගෙනහිර සිද්ධස්ථාන සංරක්ෂණයට පියවර ගත යුතු බව ද පෙන්වා දෙයි.

අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී පඤ්ඤානන්ද ඤාණරතන මහ නාහිමියන් අග්‍රාමාත්‍යවරයාට ලබා දුන් ලිපිය

asgirimahanayake-himi-1

මල්වතු පාර්ශවයේ මහා නායක තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහ නාහිමියන් අග්‍රාමාත්‍යවරයාට ලබා දුන් ලිපිය

malwathu-mahanayake-himi-1

malwathu-mahanayake-himi-2

 

Related posts

මහියංගන ප්‍රා. සභාවේ එජාප පොහොට්ටු මන්ත්‍රීවරු පොලිසිය ඉදිරිපිටදී ගැටෙති. 12ක් රෝහල්ගත කෙරේ.

colombotoday

ජනපති ඡන්ද සටන් පෙරමුණේ, පුංචි ඡන්දයෙන් ශ්‍රීලනිපය දිනවන බවට පොරොන්දු වෙයි.

colombotoday

ලෝක බැංකුවේ විශේෂ දූත පිරිසක් එළඹෙන සතියේ මෙරටට

Admin

මෙරට කොරෝනා ආසාදිතයින් 2500 ඉක්මවයි

colombotoday

කොවිඩ් ආසාදිත මවක් සිව් නිවුන් දරුවන් බිහිකරයි

colombotoday

කාලගුණයෙන් අනතුරු ඇඟවීමේ නිවේදනයක්

colombotoday