Colombo Today Local News

සේපාල් අමරසිංහ කොන්දේසි විරහිතව මාව අයැදී

දළදා වහන්සේට අපහාස කිරීම සම්බන්ධයෙන් කොන්දේසි විරහිතව සමාව ඉල්ලා සිටින බවට සමාජ මාධ්‍ය ක්‍රියාකාරි සේපාල් අමරසිංහ මහතා විසින් දැනුම් දීමෙන් අනතුරුව ඔහුගේ නඩු කටයුතු අවසන් කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය තීන්දු කළේය.

එම පැමිණිල්ල අද (21)දින කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී සැකකාර සේපාල් අමරසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා මහනායක හිමිවරුන් ගෙන් හා බෞද්ධ ප්‍රජාවගෙන් කොන්දෙසි විරහිතව සමාව අයැඳ සිටින බව දන්වා සිටියේය.

එවැනි කොන්දේසි විරහිතව සමාවක් අයැඳ සිටින්නේ නම් නඩු කටයුතු අවසන් කිරීමට සූදානම් බවත් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා දන්වා සිටියේය.

එමෙන්ම අධිකරණය හමුවේ පෙනී සිටි පැමිණිලිකාර බෞද්ධ තොරතුරු කේන්ද්‍රයේ පූඡ්‍ය අගුරුවැල්ලේ ජිනානන්ද හිමියන් ඇතුළු පිරිසගෙන් ද ඔහු සමාව අයැඳ සිටියේය.

ඒ අනුව නඩු කටයුතු අවසන් කිරීමට සූදානම් බව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා අධිකරණයට දැනුම් දුන්නේය.

ඒ අනුව නඩු කටයුතු අවසන් කිරීමට ද අධිකරණය තීන්දු කළ අධිකරණය සැකකාර සේපාල් අමරසිංහ මුදා හැරීමටද නියෝග කළේය.

දළදා වහන්සේට අපහාස කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු සේපාල් අමරසිංහ පසුව අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණි.

Related posts

“ඉන්දියාවේ මෙන් ප්‍රාන්ත බලයක් ඕන… ඉඩම් පොලිස් බලතලත් ඕන“ විග්නේශ්වරන් මස් රාත්තලම ඉල්ලයි

colombotoday

පාස්කු ප්‍රහාරයට වගකිව යුතු ඇතැම් පිරිස් බොරු කියමින් විමර්ශනවලට බලපෑම් කරමින් සමාජ අවධානය වෙනත් දිශාවකට යොමු කරනවා

colombotoday

දැරියක් මෙහෙකාර සේවයේ තබාගත් රිෂාඩ් සහ බිරිඳ අත්අඩංගුවට ගන්නැයි ඉල්ලීමක්

colombotoday

යුරෝපා සංගම් තානාපතිවරු පිරිසක් ජනපති හමුවෙයි

colombotoday

අරගල භූමියට එන්නේ අයිස් ගහලා. – කෝනාරගේ විෂමාචාර ක්‍රියා පෙම්වතිය හෙළිකරයි

colombotoday

මාගලකන්දේ සුදත්ත හිමි සහ තවත් හිමිනමක් පොලීසියට භාරවීමෙන් පසු අත්අඩංගුවට

colombotoday