Colombo Today Local News

රියදුරු බලපත්‍ර ලබාගැනීමට ප්‍රථමාධාර පුහුණුවකුත් ඇතුල් ක‍රයි

රියදුරු බලපත්‍ර ලබාගැනීමේ ලිඛිත සහ ප්‍රායෝගික පරීක්ෂණයේදී ඊට ප්‍රථමාධාර පුහුණුවද ඇතුළත් කිරීමට පියවර ගන්නා බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශය සඳහන් කරයි.

ඊයේ (20)දින මහාමාර්ග හා ප්‍රවාහන අමාත්‍යංශයේ පැවති “ප්‍රථමාධාර පුහුණු කිරීම හා ජීවිත මුදවාගැනීමේ ව්‍යාපෘතිය” පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනේදී මේ ගැන අදහස් දක්වා තිබේ. මෙම ව්‍යාපෘතිය රතු කුරුස සමාජය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා පොලිසිය ඇතුළු ආයතන එක්ව ක්‍රියාත්මක කිරීමට නියමිතය.

දෛනිකව සිදුවන රථවාහන සහ මාර්ග අනතුරුවලදී සිදුවන ජිවිතහානි වළක්වා ගැනීම සහ නිවැරදි ප්‍රථමාධාර ක්‍රමවේද හදුන්වාදීමේ වැදගත්කම නිසා පොලිස් නිලධාරින් හා රියදුරන් වෙත මෙම ප්‍රථමාධාර පුහුණුව ලබා දීම ව්‍යාපෘතියේ අරමුණ වෙයි.

අධිවේගී මාර්ග තුළ සිදුවුන රිය අනතුරුවලදී කඩිනමින් ක්‍රියාත්මක වියහැකි ආකාරයෙන් ප්‍රථමාධාර පිළිබඳ පුහුණුවක් අධිවේගී මාර්ගයේ සේවයේ නියුතු කාර්ය මණ්ඩල වෙත ලබාදීමේ වැඩසටහනක් ඉතාමත් කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ද මෙහිදී යෝජනා වී ඇත.

ව්‍යාපෘතියේ ඉදිරි කටයුතු සඳහා අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන ප්‍රවාහන වෛද්‍ය ආයතනය, මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික අධිකාරිය ඇතුළු අනෙකුත් ආයතනවල උපරිම සහයෝගය සහ දායකත්වය ලබාදීමට කටයුතු කරන බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මෙහිදී අදහස් පළ කළේය.

Related posts

‘සරල ප්‍රශ්නයක්වත් විසදන්න බැරි මෙහෙම ආණ්ඩු කරල පව් පුරවගන්න බෑ‘ – සුසිල්

colombotoday

ගෝඨාට ඉතිහාසයේ නොවූ විරූ ආකාරයේ ජයග්‍රහණයක් ලැබෙනවා

colombotoday

ප්‍රදේශ කිහිපයකට මිලි මීටර් 100 වැඩි තද වැසි

Admin

සෞඛ්‍ය මාර්ගෝපදේශ කැඩූ බස් රථ 30 ක බලපත්‍ර අවලංගුයි

colombotoday

පොහොර හිඟයට හේතුව යහපාලනය පොහොර ආනයනකරුවන්ට මුදල් නොගෙවීමයි

colombotoday

රන්ජන්ගේ හඬපට පාර්ලිමේන්තුවට

colombotoday