Colombo Today Local News

“ආර්ථික ඝාතකයන් ගැන විමල් එදා කියූ අනාවැකිය හරි.. බදු වැඩිකළේ ගිය ආණ්ඩුවේ වැරදි නිසා” – හරින්

harin fernando

රාජපක්ෂ ආණ්ඩු සමයේ මුදල් අමාත්‍යංශ ලේකම්වරයා ණය ගනිද්දී මේ ආකාරයට ගියොත් අලුති‍න් එන කෙනෙකුටවත් තවත් අවුරුදු 2ක්වත් ඉදිරියට රට කරගෙන යාමට නොහැකි බවට එවකට ඇමතිව සිටි විමල් විරවංශ මහතා දිව්‍යඥාණය පහළ වී කළ ප්‍රකාශය දැන් සත්‍ය වී ඇති බව ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා පැවසුවේ බදු ඉහළ දැමීමට සිදුවූයේ ඉකුත් රජය සමයේ ඉවක් බවක් නැතිව ලබාගත් ණය නිසා බවත්, මේ නිසා එය රාජපක්ෂ බද්ද ලෙස නම්කරන බවත්ය.

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ණය ගත්තේ සියයට 6 පොලියට බවද කියා සිටි ඒ මහතා වත්මන් ආණ්ඩුව ණය ගන්නේ සියයට 1.9 පොලියට බවද හෙතෙම පැවසීය.

මෛත්‍රී – රනිල් සුසංයෝගය තුන්කල් දැක්මකින් රට ඉදිරියට ගෙනයන බවද කියා සිටි ඇමතිවරයා රජයේ වැඩපිළිවෙළ කඩාකප්පල් කරන පාර්ශවයන්ට එරෙහිව ලබන 15 වැනිදා තරුණයින්ගේ සහභාගිත්වයෙන් හයිඩ් පිටියේදී සහයෝගිතා රැළියක් පවත්වන බවද හෙතෙම පැවසීය.

Related posts

වැටලීමකට ගිය පොලිස් ජිප් රථයක් ප්‍ර්‍රපාතයට පෙරළේ…

Admin

දයාසිරි රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වෙයි

colombotoday

ඇඳිරි නිතිය ඉවත් කෙරුණත් නිරෝධායන ක්‍රියාවලිය දැඩිව නිරීක්ෂණය කරන්නැයි ජනපතිගෙන් උපදෙස්

colombotoday

මහා සංඝරත්නයේ අනුමැතිය නැති ව්‍යවස්ථාවක් එපා – බුද්ධ ශාසන කාර්යසාධක මණ්ඩලය

colombotoday

දිස්ත්‍රික්ක අතර ගමනාගමනය තහනම්.

colombotoday

මුස්ලිම් ජනතාවගෙ හරසර මැද ඥානසාර හිමි කාන්තන්කුඩියට – එක රටක්, එක නීතියක් බලකායට ඉහල ප්‍රතිචාරයක්

colombotoday