Colombo Today Local News

චම්පිකගේ රියේ ගැටී එළොව ගිහින් මෙළොව ආ සන්දීප් ගෙදර යයි.. තාම හරියට ඇවිදින්න බෑ

මහ නගර හා බස්‌නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ජීප් රථයේ යතුරුපැදිය ගැටී බරපතළ තුවාල ලබා මාස අටක්‌ පමණ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි සන්දීප් සම්පත් තරුණයා සුවය ලබා හෝමාගම පිටිපන පිහිටි සිය නිවසට ගොස්‌ ඇත.

සන්දීප් ඉකුත් පෙබරවාරි 28 දා රාත්‍රි රාජගිරියේදී ඔහු පදවාගෙන ගිය යතුරුපැදිය පාඨලී චම්පික ඇමැතිවරයාගේ ජීප් රථයේ ගැටීමෙන් බරපතළ තුවාල ලබා ජාතික රෝහලේ මාස කිහිපයක්‌ ප්‍රතිකාර ලැබීය. පසුව ඔහු රාගම පුනරුත්ථාපන රෝහලේ ද නේවාසිකව ප්‍රතිකාර ලැබීය.

අනතුර සිදුවන අවස්‌ථාවේ ඇමැතිවරයා ජීප් රියේ ගමන් නොකළ බවට පොලිස්‌ පරීක්‍ෂණවලින් හෙළි විය.

රාගම පුනරුත්ථාපන රෝහලේ සිට නිවසට පැමිණි තම පුත්‍රයාට තවමත් සමබරව ඇවිදගත නොහැකි බව සන්දීප්ගේ පියා වූ දයානන්ද ගුණවර්ධන මහතා පැවසීය.

ලබන 18 වැනිදා සන්දීප්ට තවත් සැත්කමක්‌ සිදු කිරීමට නියමිතය.

– Divaina

Related posts

ඉල්ලා අස්වෙනු ! ජනපති බදියුදීන්ට දන්වයි…

colombotoday

දකුණේ සිදුවන බල පෙරලිය දෙමළ ජනතාවට අවාසියි….ආණ්ඩුවට කෙලෙහිගුණ දක්වන්නත් තියනවා…විශ්වාසභංගය ගැන TNA මතය කියයි

colombotoday

2024 නව වසර ආරම්භ වෙන්නේ ඖෂධ 300ක හිඟයක් එක්ක

Admin

ජනපති සිංගප්පූරු යයි…

colombotoday

එක්ස්රේ පටලවල හිඟයක්… දත් ආශ්‍රිත සියලු එක්ස්රේ පරීක්ෂණ කල් යයි…

colombotoday

ඩුප්ලිකේට් ෂර්ලොක් හෝම්ස්ලාගේ නොනවතින බුද්ධි අංශ දඩයම!

colombotoday