Colombo Today Local News

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හෙට රැස්වෙයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ රැස්වීමක් හෙට (25) පෙරවරු 9.30 ට පැවැත්වීමට නියමිතව තිබේ.

සභාව පත් කිරීමෙන් අනතුරුව පළමු වතාවට හෙට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වෙන බව
කතානායක මහින්දයාපා අබේවර්ධන මහතා සඳහන් කරයි.

ඉදිරි වැඩකටයුතු සිදු කරන ආකාරය පිළිබඳව එහිදී සාකච්ඡා කිරීමට නියමිත බව ද කතානායකවරයා පැවසීය.

කතානායකවරයා, ආග්‍රාමාත්‍යවරයා සහ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයාගේ එකඟතාවයෙන් යුතුව කතානායකවරයා විසින් ඉදිරිපත් කරන ලද නාමයෝජනා අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොවන පුද්ගලයින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සමාජිකයින් ලෙස පත්කිරීම පසුගිය සතියේ ජනාධිපතිවරයා විසින් සිදු කෙරුණි.

ඒ අනුව ආචාර්ය ප්‍රතාප් රාමානුජම්, වෛද්‍ය දිල්කුෂි අනුලා විජේසුන්දර, අචාර්ය වැලිගම විදාන ආරච්චිගේ දිනේෂා සමරරත්න යන මහත්ම මහත්මින් ඒ සඳහා පත් කර තිබේ.

Related posts

ඇඳිරි නිතිය දීර්ග කෙරේ

colombotoday

ගෙල කපා පුතුව ඝාතනය කළ පියා අත්අඩංගුවට

Admin

ඇමරිකා යුධ අපරාධ විශේෂඥයෙක් විග්නේශ්වරන් හමුවේ.. සංහිදියාව ගැන සාකච්ඡා !

colombotoday

“අළුත් පක්ෂයක් හදන්න මේ හොදම කාලයයි.. ඒ පක්ෂයේ නායකත්වය ගන්නැයි ඉල්ලීම් ලැබෙනවා”

colombotoday

කඩු, මන්නා පුපුරණ ද්‍රව්‍ය භාර දීමට පොදු සමා කාලයක්…

colombotoday

35 දෙනෙකුගේ අත්සනින් කතානායකවරයාට ලිපියක්

colombotoday