Colombo Today Local News

ගෙල කපා පුතුව ඝාතනය කළ පියා අත්අඩංගුවට

ගෙල කපා මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීම සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, 54 හැවිරිදි කුඩා පටිටිය, කහටගස්දිගිලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඔහු ඊයේ (24) සවස් කාලයේදී කහටගස්දිගිලිය, කුඩාපට්ටිය ප්‍රදේශයේ අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

පසුගිය 05 වනදා කහටගස්දිගිලිය, කුඩාපට්ටිය ප්‍රදේශයේ වගා ළඳකින් මළ සිරුරක් හමුව ඇත.

ඒ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේදී මරණකරුගේ පියා අතර දීර්ඝ කාලයක සිය පැවැති ගැටුමක් හේතුවෙන් පියා විසින් මෙම ඝාතනය සිසුකර ඇති බවට අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු අද (25)දින කහටගස්දිගිලිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කැබිතිගොල්ලෑව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

තවත් නගර 15ක වෙළෙදසැල් වසාදැමීමට ව්‍යාපාරිකයින් සහ වෙළඳ සංගම් තීරණය කරයි

colombotoday

දෙහිවල සත්තුත් උග්‍ර ආහාර අර්බුදයක

colombotoday

මේජර් ජෙනරල් ශවේන්ද්‍ර ට සේවා දිගුවක්… මීළග හමුදාපතිත් ඔහුයි !

colombotoday

මෝදර වෙඩි තැබීමකින් තරුණයෙක් මරුට

colombotoday

සිංහරාජ ලෝක උරුමය විනාශයි… මහ වනය එළිකර විදුලි බලාගාරයක් හදයි

colombotoday

ඓතිහාසික සිද්ධස්ථානයක් වන ක්‍රිකට් මධ්‍යස්ථානයටත් අපි එන්න ඕන – සීලරතන හිමි ක්‍රිකට් නිලවරණයට

colombotoday