Colombo Today Local News

දෙහිවල සත්තුත් උග්‍ර ආහාර අර්බුදයක

දිනපතා ආහාර සැපයීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන නොමැතිකම හේතුවෙන් දෙහිවල සත්ත්වෝද්‍යානය ඇතුළු අනෙකුත් සත්ත්වෝද්‍යානවල සිටින සතුන් උග්‍ර ආහාර අර්බුදයකට පත්ව ඇති බව සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

විදේශ සංචාරකයන් පැමිණීම අඩුවීම, ඉන්ධන හිඟය නිසා දේශීය සංචාරකයන්ගේ පැමිණීම අඩුවීම, ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යාම නිසා සතුන් මෙසේ ආහාර හිඟයකට මුහුණ පා ඇති බව දෙපාර්තමේන්තු නිලධාරීන් පවසයි.

එමෙන් ම සත්ත්ව ආහාර සැපැයුම්කරුවන් සඳහා රුපියල් මිලියන පනස් නවයක හිඟ මුදලක් ගෙවීමට තිබෙන බව ද ඔවුහු වනජීවී ඇමතිවරයා සමග පැවති සාකච්ඡාවකදී පෙන්වා දී ඇත.

මෙම වසරේ ඉදිරි කාලය සඳහා සත්ත්ව ආහාර සඳහා රුපියල් මිලියන එකසිය විස්සක මුදලක් වැය වන බව ද සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එමෙන් ම, නඩු භාණ්ඩ වශයෙන් අධිකරණ භාරයේ සිටින අලින් සඳහා වසරකට රුපියල් මිලියන හතළිස් පහක මුදලක් වැය වන බව ද දෙපාර්තමේන්තුව පෙන්වා දී තිබේ.

මෙම සියලු කරුණු සැලකිල්ලට ගනිමින් එම මූල්‍ය ප්‍රතිපාදන ලබා දීම සඳහා මහාභාණ්ඩාගාරය සමග සාකච්ඡා කර පියවර ගැනීමට කෘෂිකර්ම, වනජීවී හා වන සංරක්‍ෂණ ඇමති මහින්ද අමරවීර තීරණය කර ඇත.

සතුන් කෙරේ උනන්දුවක් දක්වන ජනතාවගේ සහයෝගය මත සතුන් රැක බලා ගැනීමේ ආයතනවල කැපකරු ක්‍රමවේදයක් කඩිනමින් සකස් කරන ලෙස ඇමතිවරයා දෙපාර්තමේන්තු නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

මෙම සතුන් රැක බලා ගැනීම සඳහා රජය සියලු පියවර ගන්නා බව ද ඇමතිවරයා වැඩිදුරට ත් සඳහන් කර ඇත.

Related posts

එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරින් සිදුවූ අලාභය තක්සේරු කිරීමට අනු කමිටු 05ක්

colombotoday

ඉන්දියාවට පැන ගිය කොටි බුද්ධි අංශ ලොක්කා දැන් ලංකාවේ !

colombotoday

විභාග වෙමින් පවතින නඩු 25 යි වරෙන්තු 11ක් ඇති අපරාධකරුවෙක්

colombotoday

ගිය ජනාධිපතිවරණයට කරූ ඉල්ලුවනම් දිනනවා… සජිත් නිසා ලක්ෂ 14 කින්ම පැරදුනා

colombotoday

කැබිනට් අමාත්‍යාංශ වලට නව ලේකම්වරු 23ක්.

colombotoday

දිවිසැරියට සමු දුන් ගාමිණී ජයවික්‍රම

Admin