Colombo Today Local News

22හැවරිදි තරුණියක ගෙල කපා මරා බොරු ලෙඩක් පෙන්නා රෝහල්ගත වෙලා

හෝමාගම දී තරුණියකගේ ගෙලකපා ඝාතනය කළ බව කියන අයකු එම ප්‍රදේශයෙන් පලාවිත් රෝගී තත්ත්වයක් බව පවසමින් කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලට ඇතුලත්ව සිටී‍යදී අද(8)දින අළුයම සැකපිට අත්අඩංගුවට ගත්බව කළුතර දකුණ පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙහිවල, ඇන්ඩර්න් පාර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු බව පොලිසිය කියයි.

හෝමාගම ප්‍රදේශයේ පදිංචිව සිටී අචිනි තුෂාරි නමැති 22හැව්රිදි තරුණියක අද අළුයම හෝමාගම උසාවිය පාරේදී ගෙලකපා ඝාතනය කර ඇති බව වාර්තා වන බව කළුතර උසස් පොලිස් නිළධාරීයෙක් සඳහන් කරයි.

ප්‍රේම සම්බන්දයෙන් මුල්කර ගනිමින් ඝාතනය සිදුකර ඇති බවට මෙතෙක් කළ පරීක්ෂණ වලදී තහවුරුව ඇති බව පොලිස කියයි.

සැකකරු අද අළුයම කළුතර නාගොඩ රෝහලට ඇතුලත්ව ඇති බවත් ඔහුගේ කමිස සාක්කුවේ ලේ පැල්ලමක් දක්නට ලැබීමෙන් පසු මූලස්ථාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ මහතාගේ උපදෙස් පරිදි වැඩිදුර ප්‍රශ්න කිරීමේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවත් සදහන් වේ.

Related posts

ලංගම සේවකයින්ගේ නිවාඩු අවලංගුයි

colombotoday

දකුණේ දේශපාලකයන් ජාතික ගීය දෙමළෙන් ගයද්දී හිටපු කොටි සාමාජිකයෝ ජාතික ගිය සිංහලෙන් ගයපු හැටි

colombotoday

බ්‍රිතාන්‍ය විදේශ ඇමති අද එයි.. හෙට යාපනේ යයි

colombotoday

අන්තවාදීන් පුනුරුත්තාපනයට ජනපති නිකුත් කල නියෝගය තාවකාලිකව ශ්‍රේෂ්ඨාධිකරණය අත්හිටුවයි

colombotoday

ලක්ෂ 50ක කුඩු පැකට් කරද්දී කොටු වෙයි

Admin

කිරිවෙහෙර නාහිමි ඝාතන තැතට හේතුව හෙළිවෙයි.. කොන්ත්‍රාත්තුව දේවාලයේ කපුවාගෙන්…

colombotoday