Colombo Today Local News

කිරිවෙහෙර නාහිමි ඝාතන තැතට හේතුව හෙළිවෙයි.. කොන්ත්‍රාත්තුව දේවාලයේ කපුවාගෙන්…

කතරගම කිරිවෙහෙර රජ මහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන් සහ තවත් හිමිනමකට වෙඩි තබා තුවාල සිදු කළ සැකකරුවන් හඳුනාගෙන ඇති බව පොලීසිය පවසයි.

වෙබිතැබීම සිදුව ඇත්තේ කතරගම මහසෙන් දේවාලයේ අයිතිය සම්බන්ධයෙන් ඇති වූ ගැටලුවක් මුල් කර ගනිමිනි.

අදාළ දේවාලය මීට වසරකට පෙර අධිකරණ තීන්දුවක් මගින් කිරිවෙහෙර රජ මහා විහාරාධිපති කොබවක ධම්මින්ද හිමියන්ට අයිති වී තිබේ.

ඉන් උරණ වූ මහසෙන් දේවාලයේ හිටපු කපු මහතාගේ සැලසුමක් මත ඔහුගේ ජීප් රථයෙන් ම පැමිණි 3 දෙනෙකු මෙම වෙඩි තැබීම සිදු කර ඇති බව හෙළිවී ඇතැයි කියා සිටී.

ඒ බව එම අවස්ථාවේ නායක ස්වාමීන් වහන්සේගේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන් ද තහවුරු කර ඇති බව පොලීසිය ප්‍රකාශ කළේ ය.

සැකකරුවන් පිටුපස ධම්මින්ද හිමියන්ගේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන් ලුහුබැඳ ඇති නමුත් ඔවුන් අත්අඩංගුවට ගැනීමට හැකිවී නොමැත.

කෙසේ වෙතත් එහි සිටි පොලිස් නිලධාරීන් අදාළ ජීප් රථයේ අංකය සටහන් කර පොලීසියට ලබා දී ඇති බව ද අදාළ උසස් පොලිස් නිලධාරියා පැවසුවේ ය.

මේ අතර වෙඩි තැබීමෙන් පසු සැකකරුවන් පළා ගිය ජීප් රථය ඊයේ රාත්‍රියේ පොලීසිය විසින් සොයා ගනු ලැබී ය.

පළා ගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට මේ වන විට පොලිස් කණ්ඩායම් කිහිපයක් මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බව ද උසස් පොලිස් නිලධාරියා ප්‍රකාශ කළේ ය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, කිරිවෙහෙර පුද බිමේදී ඊයේ රාත්‍රි 10.50 ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති බව ය.

ඉන් තුවාල ලැබූ ධම්මින්ද හිමියන් හා අනෙක් හිමිනම දෙබරවැව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහලට මාරු කර යවා තිබේ.

කිරිවෙහෙර නායක හිමියන් හා අනෙක් හිමිනම මෙම වෙඩි ප්‍රහාරයට ලක් වූයේ, කිරිවෙහෙර වැඳ පුදාගෙන ආපසු විහාරස්ථානය වෙත වඩිමින් සිටියදී ය.

 

Related posts

නව ඇමෙරිකානු ජනපතිට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් සුබ පැතුම්

colombotoday

හෙරොයින් කිලෝ 8ක් සමගින් මුස්ලිම් ජාතිකයකු ගුවන්තොටුපලින් අත්අඩංගුවට

colombotoday

“ලුණු කුඩු ටිකක් ඉහලා පොල් ටිකක් ගාගෙන බත් කනවා වගේ හරි ඡන්දෙ තියන්න ඕන”

Admin

පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday

බන්ධනාගාර තුළ ආරක්ෂාවට හිටපු යුද හමුදා නිලධාරීන් කැඳවයි

colombotoday

ගාර්ඩියන් ශ්‍රි ලංකාව හැදින්වු ඊලාම් නාමය ඉවත්කර ගනී

colombotoday