Colombo Today Local News

මහින්දානන්දට එරෙහිව අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂම පැවරූ නඩුව කැඳවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අළුත්ගමගේ මහතාට එරෙහිව අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් පවරා ඇති නඩුවක් අද (16)දින කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේ දී කැඳවනු ලැබීය.

ඒ ඔහු අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ සමයේ අයථා ලෙස උපයා ගත් රුපියල් ලක්ෂ 274ක් යොදවා, බොරැල්ල කින්සි පාරේ පිහිටි සුඛෝපභෝගී නිවසක් මිලදී ගැනීමේ චෝදනාව යටතේයි.

එම නඩුව සම්බන්ධයෙන් පැමැණිල්ලේ වැඩිදුර විභාගය ලබන මාර්තු 20වැනිදා දක්වා කල් තැබීමට විනිසුරුවරයා තීරණය කළ අතර අද (16)දින පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි ලබාදීම සඳහා අධිකරණය හමුවේ පෙනීසිටි පැමිණිල්ලේ 53 වන සාක්ෂිකරුට එදින යළි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට ද අවවාද කර තිබේ.

Related posts

සංචාරක ඇනවුම් 60%ක් අවලංගුයි…. කෝටි 45000ක ආදායම සුන්

colombotoday

අලුත් වනජීවී ඇමති සහ උප ඇමති නිසා වන ජීවීනුත් අවදානමේ !

colombotoday

ආණ්ඩුව ගෝඨාට බය වෙලා

colombotoday

UN නියෝජිතයාට හිටපු කොටින් හමුවෙන්න අවසර දුන්නේ කවුද? – ජනපති අසයි !

colombotoday

උඩරට දුම්රිය මාර්ගයේ අදත් පීලි පැනීමක්

Admin

විදේශ කටයුතු ඇමති පොදුරාජ්‍ය මණ්ඩලයීය දින සැමරුම් උළෙලට එක්වෙයි.

Admin