World

රෝමයේ නගරයක් කැලඹූ කිම්බා කැමරාවේ

රෝමයේ නගරයක් තුළ සිංහයෙක් නිදැල්ලේ සැරි සැරීමත් සමඟ එහි ජනතාව කලබලයට හා බියට පත් වූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තාකර තිබේ.

මෙම සිංහයා සර්කස් කණ්ඩායමකට අයිති ‘කිම්බා’ නම් සිංහයා බව පසුව හඳුනාගෙන ඇත.

පසුගිය සෙනසුරාදා රාත්‍රියේ බටහිර රෝමයේ ලැඩිස්පොලි නගරයේ මෙම සිංහයා සැරිසරා ඇති අතර, ඇතැම් පිරිස් එය පටිගතකර සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබේ.

පැය පහකට අධික කාලයක් සිංහයාව අල්ලා ගැනීමට ගත වී ඇති අතර, පසුව සිංහයාව නැවතත් භාරකරු වෙත ලබා දී ඇත.

සිංහයාගේ භාරකරු පවසා ඇත්තේ, පැය කිහිපයක් නිදැල්ලේ සිටියත් සත්ත්වයාගෙන් කිසිදු හානියක් සිදුවී නොමැති අතර, සිංහයා කූඩුවෙන් එළියට පැමිණියේ කෙසේද යන්න සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන බවයි.

Related posts

කොක්ස් බසාර්ටත් කොරෝනා වෛරසය ඇතුළුවෙයි

colombotoday

අමෙරිකාවේ ගුවන් කලාපයත් රුසියාවට තහනම් වෙයි

colombotoday

බ්‍රිතාන්‍යයට එකඟතාවයකින් තොරව යුරෝපා සංගමයෙන් ඉවත්වීමට සිදුවෙන ලකුණු

colombotoday

තුර්කිය රුසියානු ප්‍රහාරක යානයකට පහර දී බිම දමයි – Video

colombotoday

බොරතෙල් බැරලයක මිල තවත් පහළට

colombotoday

මුස්ලිම් ජාතිකයන්ට පුරවැසිභාවය නොදෙන ඉන්දීය නිතිය ජනපති අත්සනින් ගැසට් කරයි

colombotoday