Colombo Today Local News

බලංගොඩ නාය යෑමෙන් අතුරුදන්වූ එකම පවුලේ සිව්දෙනා සොයා මෙහෙයුම්

බලංගොඩ, ගවරංහේන, වැහිංතැන්න ප්‍රදේශයේ නාය යෑමෙන් එකම පවුලේ මව, පියා සහ දියණියන් දෙදෙනා අතුරුදන්ව තිබේ.

අද (13) පෙරවරුවේ ඔවුන් සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති බව රත්නපුර දිස්ත්‍රික් ලේකම් වසන්ත ගුණරත්න මහතා පවසයි.

මේ අතර, ගාල්ල එලියට් පාර ප්‍රදේශයේ පස් කණ්ඩියක් කඩා වැටීමෙන් ඊයේ (12)දින නිවසකට අර්ධ හානි සිදුව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

තවද අධික වර්ෂාවත් සමග දිස්ත්‍රික්ක 9ක් සඳහා නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනය කරන්නේ, බදුල්ල, කෑගල්ල, රත්නපුර, කොළඹ, හම්බන්තොට, මහනුවර, කුරුණෑගල, මාතර සහ කළුතර දිස්ත්‍රික්ක සඳහා නිකුත් කළ නායයෑම් පිළිබඳ අනතුරු ඇඟවීම තවදුරටත් ක්‍රියාත්මක බවයි.

මේ අතර අදත් ප්‍රදේශ රැසකට මිලිමීටර් 100 ඉක්ම වූ වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යභාර කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

Related posts

රිෂාඩ්ට එරෙහි විල්පත්තු නඩුවේ තීන්දුව ජුලි මස 31 වනදා

colombotoday

අහුංගල්ලේ සැකකටයුතු කාන්තා මරණයක්

Admin

විල්පත්තුව ගැන මට තනි තීරණයක් ගැනීමට බෑ… ජනපති අගමැති සහ ඒ ඇමතිතුමා සමග සාකච්ඡා කළ යුතුයි

colombotoday

කොළඹ ප්‍රදේශ කිහිපයකට පොලිස් ඇදිරිනීතිය

colombotoday

අමරපුර මහා නිකායත් නව ව්‍යවස්ථාවට එරෙහි වෙයි.. උත්තරීතර මහානාහිමියන්ගෙන් නිවේදනයක්

colombotoday

සරණාගතයෝ ආපසු නොගියොත් යුරෝපය මුස්ලිම් වේවි – ටිබෙට් ආධ්‍යාත්මික නායක දලෙයි-ලාමා තුමා

colombotoday