Colombo Today Local News

දිනේෂ් ශාෆ්ටර්ගේ මරණය : අධිකරණය රස පරීක්ෂක වාර්තා කැඳවයි

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරයෙකු වූ දිනේෂ් ශාෆ්ටර්ගේ මරණය සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශන සඳහා රස පරීක්ෂක වාර්තා කැඳවන මෙන් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය ඊයේ (2)දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නියෝග කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ පෙනී සිටිමින් කරනු ලැබූ ඉල්ලීමක් සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය මෙලෙස නියෝග නිකුත් කළා ය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශන කටයුතු සිදු කරන බැවින් ඊට අදාළව රස පරීක්ෂක වාර්තා කැඳවීමට අවශ්‍ය බැවින් ඒ සඳහා අවශ්‍ය නියෝග ලබා දෙන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

Related posts

බඩ ඉරිඟු වගාව තාවකාලිකව නවත්වන්න⁣ ගොවීන්ට උපදෙස්

colombotoday

සැරයන්ට පහරදුන් කසිප්පු ජාවාරම්කරුවෙක් අත්අඩංගුවේ

Admin

ගූගල් බැලුන්, නොමිළේ Wi-Fi දැන් ඒ කතා ඉවරයි.. පාසල් අධිවේගී අන්තර්ජාලයත් අවුල් ජාලයක් වෙයි

colombotoday

ගැටුම් අතර සුඩානයේ තවත් ශ්‍රී ලාංකිකයින් 40ක්

Admin

පොලීසිය බලා සිටියදීම මැරයෝ පොලු මුගුරුවලින් තෙල් සේවකයන්ට පහරදුන් හැටි (Video)

colombotoday

ලෝක බැංකුවේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂ ජනපති හමුවේ

colombotoday