Colombo Today Local News

මරදාන පාලම අසල නාඳුනන පුද්ගල මළ සිරුරක්

මරදාන ශ්‍රී සංඝරාජ මාවතේ බී.බී.සී. පාලම අසල තිබී නාඳුනන පුද්ගල මළ සිරුරක් හමුවී තිබේ.

ඊයේ (29) අලුයම පාලම අසල පුද්ගලයෙකු වැටී සිටින බවට ලද තොරතුරක් මත මරදාන පොලීසිය විසින් විමර්ශන ආරම්භ කර ඇත.

විමර්ශන නිලධාරීන් විසින් වැටී සිටි පුද්ගලයාව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ වන විටත් ඔහු මියගොස් සිට ඇති බව පොලීසිය පවසයි.

මරණකරුගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැත.

මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 30ක් පමණ වන උස අඩි 05 අඟල් 08ක, තළෙලු සිහින් සිරුරක් හිමි කොණ්ඩය කොටට කපා, නිකට යටින් රැවුල වැවී ඇති දම් පැහැ කොට කලිසමකින් සහ නිල් පැහැති කමිසයකින් සැරසුණ අයෙකි.

මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ තැන්පත් කර ඇති අතර මරදාන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

ඡන්ද විමසීමකින් තොරව සම්මත වූ අධිභාර පනතට කතානායකගේ සහතිකය

colombotoday

රේගු අධ්‍යක්ෂකවරියට තනතුර අහිමි කළ ගම්මිරිස්, කරුංකා, එතනෝල් මගඩියෝ…

colombotoday

අවුරුදු පහක් සීනි කන්න බිලියන 191ක් වැය කරලා

colombotoday

මවයි දුවයි දිය රකුසා බිලි ගනී

colombotoday

කොවිඩ් දෙවැනි රැල්ල – මිනුවන්ගොඩ පොකුරේ ආරම්භය ?

colombotoday

අද රාත්‍රී 8ට පෙර අධිකරණයට භාර වන්නැයි ජොන්ස්ටන්ට අභියාචනාධිකරණයෙන් නියෝග..

colombotoday