Colombo Today Local News

කොළඹ වරාය නගරයේ Cryptocurrency හුවමාරු මධ්‍යස්ථාන දෙකක් පිහිටුවන්න අනුමැතිය..

කොළඹ වරාය නගරයේ Cryptocurrency හුවමාරු මධ්‍යස්ථාන දෙකක් පවත්වාගෙන යෑමට අවසර දුන් බව වරාය නගර කොමිසම රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට දැනුම් දී තිබේ.

පසුගියදා මුදල් කාරක සභාව රැස්වූ අවස්ථාවේදී වරයා නගර කොමිසමේ නිලධාරීන් මේ බව දැනුම් දී ඇත.

ඒ සම්බන්ධයෙන් මහ බැංකුවේ මතය විමසන ලෙස මුදල් කාරක සභාව එහිදී නිර්දේශ කර ඇත.

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ සාදන ලද නියෝග සඳහා ද රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිව තිබේ.

කොළඔ වරාය නගරයේ ක්‍රියාකාරී මට්ටමේ පවතින ව්‍යාපාරික සමාගම් ගිවිසුම්ගතවීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ මතය සති 4ක් ඇතුළත කමිටුවට ලබා දෙන්නැයිද එහිදි නිර්දේශ කෙරිණ.

Related posts

ඉශාලිනීගේ මරණය සම්බන්ධයෙන් බදියුදීන්ට-බිරිඳට පනවා තිබු විදෙස් ගමන් තහනම ඉවතට

colombotoday

ආණ්ඩුකාරවරු තිදෙනෙක් ජනපති ඉදිරියේ දිවුරුම් දෙති

colombotoday

විල්පත්තු පෙත්සමට එරෙහිව බදුර්දීන්ගෙන් විරෝධතා !

colombotoday

චීන මහජන විමුක්ති හමුදාවෙන් ශ්‍රී ලංකා හමුදාවට එන්නත් පරිත්‍යාගයක්

colombotoday

සේපාල් අමරසිංහ යලිත් රිමාන්ඩ්

Admin

“නිව්යෝක් ටයිම්ස්” පුවත චීන තානාපති කාර්යාලය ප්‍රතික්ෂේප කරයි

colombotoday