Colombo Today Local News

ආණ්ඩුව සෝමාලියා නැවක් අල්ලගත්ත හොර කණ්ඩායමක් වගේ….

දැන් පිළිතුරු සෙවිය යුත්තේ ජනතාව මුහුණ දී සිටින පීඩනයට නමුත් ආණ්ඩුවේ පිළිතුර වී තිබෙන්නේ පීඩනයට එරෙහිව මර්දනය ක්‍රියාත්මක කිරීම යැයි ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර දිසානායක මහතා අද (8)දින පාර්ලිමේන්තුවේදී පැවසීය.

මර්දනය පැවැත්මේ සාධකය බවට පත් කරගත් ලෝක නායකයන් ඉතිහාසයේ කුණු ගොඩට වැටී තිබෙන බවද දිසානායක මහතා සඳහන් කළේය.

රටේ වත්මන් තත්වය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අරඹමින් අනුර දිසානායක මහතා කීවේ කුණු ගොඩට වැටුණු ඉතිහාසයක් ශ්‍රී ලංකාවට කිසිසේත් අපේක්ෂා කරන්නේ නැති බවයි.

මේක නිකං සෝමාලියා නැවක් අල්ලගත්ත හොර කණ්ඩායමක් වගේ යැයි කී දිසානායක මහතා අන්තරේ කැඳවුම්කරු ඇතුළු භික්ෂූන් වහන්සේ රඳවාගෙන සිටින හේතුවක් කියන්නැයි අභියෝග කරන බවද කීය. ජනතා නැගිටීම මර්දනය කිරීම සඳහා ගන්නා හැම ක්‍රියාමාර්ගයක් නිසාම රට ලෝකයේ හුදෙකලාවට පත්වෙන බවද අනුර දිසානායක මහතා පැවසීය.

අද අවධානය යොමු කරන්නේ ආර්ථිකයේ ඉහළ සාධක මත පමණක් බවද ලංකාවෙි සංඛ්‍යා දත්ත යනු ඇත්ත තත්ත්වය වසන් කිරීම සඳහා තිබෙන දෙයක් බවද දිසානායක මහතා කීය.

මෙි සංඛ්‍යා දත්තවලින් ඇත්ත තත්ත්වය පිළිඹිබු වන්නේ නැති අතර ආණ්ඩුවට රැකියා උත්පාදනය කරන සැලසුමක් නැතැයි ද ඒ නිසා විශාල සමාජ අසහනයකට මුහුණ දී තිබෙන බවද අනුර දිසානායක මහතා සඳහන් කළේය.

Related posts

ගෑස් සිලින්ඩර් සගවන ව්‍යාපාරිකයින් ගැන වහාම පාරිභෝගික අධිකාරියට දැනුම් දෙන්න

colombotoday

මතට තිත තබා වැවක් හැදූ යෝධයෙක් වැනි තරුණයෙක්.. කෝටියක් ළග බලා සිටී !

colombotoday

හිටපු ජනපති සිරිසේනගේ ජයග්‍රහණය වෙනුවෙන් පොලොන්නරුවේ පැවති රැලියකට ජනපති ගෝඨාභය එක් වෙයි

colombotoday

ඉන්ධන නැව් තුනක් මේ සතියේදී දිවයිනට

colombotoday

‘ද්විත්ව පුරවැසිභාවය’ 17 වන වගන්තිය බහුතර ඡන්දයෙන් සම්මතයි

colombotoday

යතුරුපැදිවලට, කුඩා ලොරි රථවලට බදු සහන දුන් හේතුව ඇගමැති කියයි

colombotoday