Colombo Today Local News

විජේදාස-අලූත්ගමගේ ප්‍රකාශ කතානායක හෙළා දකි

අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ සහ මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ යන මහත්වරුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන්ගේ නිවෙස් වටලන ලෙසට ජනතාවට ආරාධනා කිරීම කිසිසේත්ම පිළිගත නොහැකි සදාචාර විරෝධී ක්‍රියාවක් බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී අද (20)දින පැවසීය.

මන්ත්‍රීවරුන් දෙදෙනා ගේ ප්‍රකාශ හෙළා දකින බවද ඔහු සඳහන් කළේය.

කතානායක වරයා මෙසේ පැවසුවේ අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ සහ මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ යන මහත්වරුන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා කළ ප්‍රකාශවලට පිළිතුරු දෙමිනි.

Related posts

රෝගීන් සංඛ්‍යාව 592 දක්වා ඉහලට

colombotoday

විදුලිය කැපීම අදින් (10) අවසන්

colombotoday

භාණ්ඩ හා සේවා අපනයනයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 15.1ක්

colombotoday

වැලි, ගල්, බොරළු සහ මැටි ප්‍රවාහනයේදී අක්‍රමිකතා නවතන්න නව බලපත්‍ර ක්‍රමවේදයක්…

Admin

රණවිරුවන් දංගෙඩියට ගෙන යන රෝම සම්මුතියට ශ්‍රී ලංකාව ඇතුල් කිරීමට UN යාළුවෝ සැරසෙයි

colombotoday

නාවික හමුදාවට ඉන්දියාවෙන් අධිතාක්ෂණ නැවක්

colombotoday