Colombo Today Local News

පොලිස්පතිවරයා පත් කරගන්න බැරි තරමට ආණ්ඩුව දුර්වලයි

පොලිස්පතිවරයා පත් කරගන්න බැරි තරමට ආණ්ඩුව දුර්වල වී ඇතැයි සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා පාර්ලිමේන්තුවේදී අද (18)දින පැවසීය.

ව්‍යවස්ථාදායක සභාව පොලිස්පතිවරයා පිළිගන්නේ නැති තැනකට පත්ව ඇතැයි කී ඉඳුනිල් මහතා මේ වන විට ව්‍යවස්ථාදායකය සහ විධායකය අතර මත ගැටුමක් ඇති වී තිබෙන බව සඳහන් කළේය.

ආරක්ෂක ඇමතිවරයා වන ජනාධිපතිත් පොලිසිය බාර ඇමතිවරයාත් රටේ නැති අවස්ථාවක පොලිස්පතිත් නැති වූ විට රටේ ආරක්ෂාව ගැන වග කියන්නේ කවුදැයි තුෂාර ඉඳුනිල් මහතා ප්‍රශ්න කළේය.

මෙහිදී ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා කියා සිටියේ, පොලිස්පතිවරයා පත් කිරීමේ බලය තිබෙන්නේ රටේ ජනාධිපතිවරයාට වන අතර මේ වන විට ජනාධිපතිවරයා විසින් පත් කරන ලද පොලිස්පතිවරයෙක් ලංකාවේ සිටින බවයි.

Related posts

අද පස්වරුවේ දේශපාලන පෙරළියක් !

colombotoday

අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ විරෝධතා පා ගමනකට පොලීසියෙන් ජල ප්‍රහාරයක්

Admin

යහපාලන නාට්‍යකරුවෝ රාජ්‍ය නාට්‍ය උළෙල මැදට පනී.. ‘වෙනස පීචං’ කියා වේදිකාවේ විරෝධය පායි

colombotoday

“ස්ට්‍රයික් කරන බස් ඩ්‍රයිවර්ලාට ගහල පන්නන්න ඕන“ – ඇමති ඩිලාන්

colombotoday

“තරුණ භික්ෂූන් වහන්සේලා පෙරට ආ යුතුයි” – මහින්ද

colombotoday

“බැදුම්කර වංචාව වැළැක්වූවානම් වැට් ගහන්න වෙන්නෑ“ – ඇමති දයාසිරි

colombotoday