Colombo Today Local News

“බැදුම්කර වංචාව වැළැක්වූවානම් වැට් ගහන්න වෙන්නෑ“ – ඇමති දයාසිරි

dayasiri-jayasekaraවසරක කාලයක්‌ තුළදී හිටපු මහ බැංකු අධිපතිවරයාගේ බෑණාගේ සමාගම විසින් බැඳුම්කර ලබාගැනීමට රුපියල් බිලියන 66 ක්‌ රජයේ මුදල් මහබැංකුව හරහා පාවිච්චි කර ඇතැයි කෝප් කමිටුවේ සාමාජික ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා පැවැසීය.

මහ බැංකුව මෙම මුදල් රජයට ලබාදී ඇත්තේ කිසිදු ආරක්‌ෂණයකින් තොරව යෑයිද ඊයේ (27 දා) ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂ මූලස්‌ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා කියා සිටියේය.

2015 පෙබරවාරි මස 27 දා සිදු කළ පළමු බැඳුම්කර නිකුතුවට වඩා වැඩි පාඩුවක්‌ 2016 මාර්තු 29 වැනිදා සිදු කළ දෙවන බැඳුම්කර නිකුතුවෙන් සිදුව ඇති බව දැනට සිදුකරන පරීක්‌ෂණවලින් අනාවරණය වී ඇතැයි කී ඇමැතිවරයා රජයේ මුදල්වලින් බැඳුම්කර මිලදී ගෙන එම බැඳුම්කර යළි වැඩි පොළියට රජයටම විකිණීම තුළින් රාජ්‍ය මුදල් අවභාවිතයක්‌ සිදුව ඇති බව තමා පුද්ගලිකවම විශ්වාස කරන බවද සඳහන් කළේය.

මෙම සිද්ධියේදී මුදල් මණ්‌ඩලයේ තීරණවලට පටහැනිව මහ බැංකු අධිපතිවරයා කටයුතු කර ඇති බව පෙනී යන බව කී ජයසේකර මහතා බැඳුම්කර ලබාගන්නා සෙසු සමාගම් සිය ප්‍රාග්ධන ප්‍රමාණය ඉකුත් වසරේදී සියයට 38 කින් වර්ධනය කරගන්නා විට පර්පචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම සියයට 1850 කින් ප්‍රාග්ධන වැඩිකරගෙන ඇති බව කීය.

බැඳුම්කර නිකුතුව පිළිබඳ කෝප් කමිටු වාර්තාව නිකුත් කිරීමෙන් පසුව දින කිහිපයක්‌ විවාද කළ හැකි බවත් ඉන් පසුව එහි නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා කථානායකවරයාට එම වාර්තාව නීතිපති දෙපාර්තමේන්තුවට හා අනෙකුත් නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට ලබාදිය හැකි බව එම මාධ්‍ය හමුවේදී ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවැසීය.

සිදුවන දූෂණ වංචා වළක්‌වා ගන්නේ නම් වැට්‌බදු පමණක්‌ නොව වෙනත් බදු පැනවීමක්‌ද අවශ්‍ය නොවන බව ඇමැතිවරයා සඳහන් කළේය.

Related posts

22ට කැබිනට් අනුමැතිය

colombotoday

රවීට එරෙහි විශ්වාසභංගය පාර්ලිමේන්තුවට

colombotoday

මුලතිව් ධීවරයින්ට කඳුළු ගෑස් ප්‍රහාරයක්

colombotoday

ගාලු මැයි රැළියට මහින්දට ලිඛිතවම ආරාධනා.. දෙකකට යනු බෑ කියා කිරුළපන රැළියට යන්න තීරණය කරයි

colombotoday

අපේ වැඩි උනන්දුව සජිත්ට සහය දක්වන්නයි – රවුෆ් හකීම් කියයි

colombotoday

ආර්ථිකය ගොඩ දාන අලුත් මුදල් ඇමති මෙන්න

Admin