Colombo Today Local News

හම්බන්තොට වරායට, මත්තලට කරන්න යන දේ අගමැති කියයි

ranil w port

හම්බන්තොට අක්‌කර 15000 ක්‌ චීන ආයෝජකයන් වෙනුවෙන් ලබා දෙන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (27 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

රජයේ දින 1500 ක ආර්ථික සැලසුම රටට ඉදිරිපත් කරමින් අගමැතිවරයා එසේ කීය. තිරසර සංවර්ධනය, ව්‍යාපාරික අංශයේ ප්‍රමුඛතා, ඩිජිටල් ආර්ථිකය, රජයට හිමි ව්‍යාපාර ප්‍රතිසංස්‌කරණය, මූල්‍යමය අන්තර්ග්‍රහණ, සංචාරක, කෘෂි කර්මාන්තය හා ධීවර කර්මාන්තය නවීකරණය කිරීම, ජාතික කෘෂිකර්ම අලෙවිකරණ අධිකාරිය, මානව සම්පත් වැඩිදියුණු කිරීම, ආර්ථික සහ පාලනයේ කාන්තා සාමාජිකත්වය වැඩි කිරීම, ක්‍රීඩා හා විනෝදාස්‌වාදය සඳහා යටිතල පහසුකම්, අධ්‍යාපනය, පෙර පාසල් සහ දිවා සුරැකුම් මධ්‍යස්‌ථාන ප්‍රවර්ධනය, රැකීරක්‌ෂා, නිවාස යන ක්‌ෂේත්‍රයන් සම්බන්ධයෙන් වන ඉදිරිදැක්‌ම සභාවට ඉදිරිපත් කළ අගමැතිවරයා මෙසේද කීය.

හම්බන්තොට වරායට, මත්තල ගුවන් තොටුපළට ලබාගත් අතිවිශාල ණය හිලව් කිරීමේ ක්‍රමවේදයක්‌ වෙනුවෙන් චීන රජය කැමැත්ත පළ කර තිබෙනවා. එනිසා ණය වෙනුවෙන් ගෙවීමට තිබූ ඩොලර් බිලියනයක මුදලක්‌ රටට ඉතිරි කර ගැනීමට හැකි වුණා.

රට තුළ සිදුකරන ආයෝජනයන් සඳහා අවශ්‍ය අනුමැතිය එක්‌ කවුන්ටරයකින් ලබාගත හැකි නව නීති නිෂ්පාදනය කරනවා. රටක ව්‍යාපාර කිරීමේ පහසුව සංසන්දනාත්මකව ඇගයීමට ලක්‌කරන ලෝක බැංකුවේ Dදසබට ඊමිසබැs ෂබාeං නමැති දර්ශකයේ ඉහළම රටවල් හැත්තෑව අතරට 2020 දී ශ්‍රී ලංකාවද ඇතුළත් කිරීමට ඉලක්‌ක කරගෙන සිටිනවා.

ආනයන අපනයන පාලන පනත වෙනුවට නව පනතක්‌ හඳුන්වා දෙනවා. එය සිංගප්පූරුවේ ආනයන අපනයන රෙගුලාසි පනතට සහ උපායමාර්ගික භාණ්‌ඩ පාලන පනතට සමාන පනතක්‌ යෑයිද අගමැතිවරයා ප්‍රකාශ කළේය.
රජයේ දින 1500 ක ආර්ථික සැලසුම රටට ඉදිරිපත් කරමින් අගමැතිවරයා එසේ කීය. තිරසර සංවර්ධනය, ව්‍යාපාරික අංශයේ ප්‍රමුඛතා, ඩිජිටල් ආර්ථිකය, රජයට හිමි ව්‍යාපාර ප්‍රතිසංස්‌කරණය, මූල්‍යමය අන්තර්ග්‍රහණ, සංචාරක, කෘෂි කර්මාන්තය හා ධීවර කර්මාන්තය නවීකරණය කිරීම, ජාතික කෘෂිකර්ම අලෙවිකරණ අධිකාරිය, මානව සම්පත් වැඩිදියුණු කිරීම, ආර්ථික සහ පාලනයේ කාන්තා සාමාජිකත්වය වැඩි කිරීම, ක්‍රීඩා හා විනෝදාස්‌වාදය සඳහා යටිතල පහසුකම්, අධ්‍යාපනය, පෙර පාසල් සහ දිවා සුරැකුම් මධ්‍යස්‌ථාන ප්‍රවර්ධනය, රැකීරක්‌ෂා, නිවාස යන ක්‌ෂේත්‍රයන් සම්බන්ධයෙන් වන ඉදිරිදැක්‌ම සභාවට ඉදිරිපත් කළ අගමැතිවරයා මෙසේද කීය.

හම්බන්තොට වරායට, මත්තල ගුවන් තොටුපළට ලබාගත් අතිවිශාල ණය හිලව් කිරීමේ ක්‍රමවේදයක්‌ වෙනුවෙන් චීන රජය කැමැත්ත පළ කර තිබෙනවා. එනිසා ණය වෙනුවෙන් ගෙවීමට තිබූ ඩොලර් බිලියනයක මුදලක්‌ රටට ඉතිරි කර ගැනීමට හැකි වුණා.

රට තුළ සිදුකරන ආයෝජනයන් සඳහා අවශ්‍ය අනුමැතිය එක්‌ කවුන්ටරයකින් ලබාගත හැකි නව නීති නිෂ්පාදනය කරනවා. රටක ව්‍යාපාර කිරීමේ පහසුව සංසන්දනාත්මකව ඇගයීමට ලක්‌කරන ලෝක බැංකුවේ D oingBusnes දසබට ඊමිසබැs ෂබාeං නමැති දර්ශකයේ ඉහළම රටවල් හැත්තෑව අතරට 2020 දී ශ්‍රී ලංකාවද ඇතුළත් කිරීමට ඉලක්‌ක කරගෙන සිටිනවා.

ආනයන අපනයන පාලන පනත වෙනුවට නව පනතක්‌ හඳුන්වා දෙනවා. එය සිංගප්පූරුවේ ආනයන අපනයන රෙගුලාසි පනතට සහ උපායමාර්ගික භාණ්‌ඩ පාලන පනතට සමාන පනතක්‌ යෑයිද අගමැතිවරයා ප්‍රකාශ කළේය.

Related posts

“මෙවර මහ කන්නයට රසායනික නැ”

colombotoday

ඉංග්‍රීසි අනිවාර්යයි.. බැරිනම් රට රස්සා නෑ…

colombotoday

සීගිරියෙන් දිනකට ලක්ෂ 30ක ආදායමක් එත් රැකගන්න කව්රුත් නෑ

colombotoday

ඉතිහාසයේ මුල්වරට නත්තලට අඩුවට බිත්තර දුන්නේ අපි

Admin

ශ්‍රීලංකා නිදහස් පක්‍ෂය යලිත් මහින්ද සරණ පතයි

colombotoday

සිංහල බෞද්ධ ව්‍යාපාරිකයෙක් ලෙස ඩඩ්ලි සිරිසේන ගැන ආඩම්බරයි – මැඩිල්ලේ හිමි

colombotoday