World

හමාස් සටන්කාමීන්ට අවි පුහුණුව දෙන ෂියා මුස්ලිම් හිස්බුල්ලා සාමාජිකයන්ට ඊශ්‍රායලයෙන් ප්‍රහාර

ඊශ්‍රායලය සහ හමාස් සටන්කාමීන් අතරේ ඇරැඹි යුද ගැටුම්, දකුණු දිග ලෙබනනයටත් පැතිර ගොස් ඇති බැවින්, ලෙබනනයට යෑමෙන් වළකින්නැයි ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් රැසක් ඔවුන්ගේ වැසියන්ට අනතුරු අඟවා තිබේ.

මේ වනවිටත් ඊශ්‍රායල හමුදා ලෙබනනයේ හිස්බුල්ලා සාමාජිකයන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කිරීමට පටන්ගෙන තිබේ.

ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට මූල්‍ය අනුග්‍රහය ලබා දෙන්නේත්, අවි ආයුධ ලබා දී අවි පුහුණුව ලබා දෙන්නේත් ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානයයි.

පසුගිය 7වැනිදා දේශසීමා හරහා ගාසා තීරයේ සිට ඊශ්‍රායලයට කඩා වැදී පහර දුන් හමාස් සටන්කාමීන් අතර ලෙබනන් හිස්බුල්ලා සාමාජිකයන් ද සිටි බව ඊශ්‍රායල බුද්ධි අංශය අනාවරණය කරගෙන තිබේ.

Related posts

ඕස්ට්‍රේලියාවේ ගුවන් අනතුරක් – 5ක් මරුට

colombotoday

පකිස්තාන් දේශසීමාවේ තලේබාන් ධජ ඔසවයි

colombotoday

කලිසම් ඇන්ද වරදට පවුලේ අය එක්ව කෲර ලෙස ඝාතනය කළ නේහා

colombotoday

වට්ස්ඇප් නව රෙගුලාසි ඉල්ලා අස්කර ගනු. | ඉන්දීය රජය වට්ස්ඇප් සමාගමට දින 7ක් දෙයි.

colombotoday

රුසියාවේ සහයට චීනයත් එයි. යූධ නැවක් පිටින් සිරියාවට ගොඩ බසී

colombotoday

සනී ඩියෝල්ට කොවිඩ් 19 වෛරසය ආසාදනය වෙයි.

colombotoday