Colombo Today Local News

දෙදරු මවක් සැමියාගේ පහරකෑමෙන් මරුට

යාපනය නාවට්කුලි ප්‍රදේශයේ දෙදරු මවක් පහරකෑමකින් බරපතල තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මිය ගොස් තිබේ.

නාවට්කුලි අයියනාර් කෝවිල් මාර්ගයේ පදිංචි මෙම දෙදරු මව සිය සැමියා සමග ඇති කරගත් ආරවුලක් දුරදිග යාමෙන් පසුව සැමියා බිරිඳට පහරදීමෙන් බිරිඳ බරපතල තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කොට ඇති බවට යාපනය පොලීසිය කියයි.

මිය ගොස් ඇත්තේ නාවට්කුලිහි පදිංචි දෙදරු මවක් වූ 23 හැවිරිදි අජන්තන් යමුනා නැමතියකි.

කාන්තාව මිය යාමෙන් පසුව මෙම කාන්තාවගේ සැමියා පිළිබඳ සැකසිතී සැකකාර සැමියා සෙව්වද ඒ වන විටත් සැමියා පලාගොස් සිට ඇති අතර අනතුරුව ත්‍රී රෝද රථයකින් යාපනය නවට්කුලි චින්නකඩෙයි ප්‍රදේශයේදී පලායමින් සිටියදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැමියාගෙන් සිදුකරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී අනාවරනය වී ඇත්තේ අනියම් සබඳතාවක් හේතුවෙන් මෙම ගැටුම ඇති වී එයට උරණ වී පහර දීම සිදුකල ඇති බවයි.

Related posts

ජිනීවා අර්බුදයට විසදුම් හොයන්න ජනපති පක්ෂ 21 ක් සමග එකම මේසයක

colombotoday

රජයේ රෝහල්වලින් ප්‍රතිකාර ගන්නා සෑම රෝගියෙකුටම බිල් පතක්…

colombotoday

බදුල්ලේ වැඩිම මනාප නිමල් සිරිපාලට

colombotoday

වැඩි ගාස්තු අය කරන අර්ධ සුඛෝපභෝගී බස් දෙසැම්බර් 31 දා සිට ඉවතට

colombotoday

රාගම රෝහලෙන් පළාගිය මහර රැඳවියා අත්අඩංගුවට

colombotoday

මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල ඝාතන නඩුව : විත්තිකරුවන් 37කට ඇප

Admin