අර්ධ සුඛෝපභෝගී පෞද්ගලික බස්රථ ධාවනයෙන් ඉවත් කිරිමට තීරණය කර ඇතැයි ජාතික ගමනාගමන කොමිසන් සභාවේ සභාපති ඉංජිනේරු එම්.ඒ.පී.හේමචන්ද්‍ර මහතා පවසයි.

දැනට බස් රථ 450 ක් මගී ප්‍රවාහනය කරන බවත් ධාවනයෙන් ඉවත් කරන බස් රථවලට සුඛෝපභෝගී හෝ සාමාන්‍ය සේවා බස් බවට පරිවර්තනය කිරිමට එම බස් හිමියන්ට අවස්ථාව තිබෙන බවද සභාපතිවරයා කීය.