Colombo Today Local News

ජනපතිගෙන් චීන ව්‍යාපාරිකයින්ට ආරාධනාවක්

තරගකාරි හරිත සහ ඩිජිටල් ආර්ථිකයක් කරා ශ්‍රි ලංකාව ක්‍රමිකව ඉදිරියට යමින් සිටින බැවින් අනාගත ව්‍යාපාරික අවස්ථාවන් සඳහා ශ්‍රී ලංකාව වේදිකාවක් කර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා චීන ව්‍යාපාරිකයන්ට ආරාධනා කර සිටි.

චීනයේ සිව් දින නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (16) පස්වරුවේ බීජිං නුවර ශ්‍රි ලංකා තානාපති කාර්යාලයේ පැවති ආයෝජන, වෙළෙඳ සහ සංචාරක සැසියකට සහභාගී වූ අතර එහිදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ශ්‍රී ලංකාවේ ආයෝජනය කළ සහ ආයෝජනය කිරීමට අපේක්ෂා කරන චීන ව්‍යාපාරික සමාගම් රැසක නියෝජිතයන් මෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව තිබේ.

Related posts

සම්බාහන මුවාවෙන් බස්නාහිර ගණිකා නිවාස 356ක්

colombotoday

ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුවේ සභාපති ධූරය නාමල් රාජපක්ෂට

Admin

විදුලි ගාස්තුව සියයට 75 කින් ඉහළට

colombotoday

මැකෝගේ අම්බලන්ගොඩ නිවසට හොරු පනිති

colombotoday

රෝයල් පාටියේදී කාන්තාවන් නිරුවතින් නැටවූ සුනිල් පෙරේරා ජවිපෙ සමග ජාතියට මග පෙන්වයි (Video)

colombotoday

රුපියල තවත් පහතට

colombotoday