Colombo Today Local News

ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයින් ගැන දැනුම්දීමක්

ඊශ්‍රායලයේදී අතුරුදන් වූ බව පැවසෙන ශ්‍රී ලාංකිකයින් දෙදෙනාගේ පවුල්වල සාමාජිකයින්ගෙන් ජාත්‍යන්තර රතුරුකුරුස සංවිධානයේ මෙරට නියෝජිතයින් විසින් වැඩිදුර තොරතුරු ලබාගෙන තිබේ.

එහිදී එම පුද්ගලයින් දෙදෙනා හඳුනාගැනීම සඳහා අවශ්‍ය ඡායාරූප සහ ඔවුන්ගේ ශරීරයේ ප්‍රමාණයන් පිළිබඳව වාර්තාවක් ලබාගෙන ඇති අතර එම තොරතුරු ඊශ්‍රායලයේ රතු කුරුස සංවිධානය වෙත යැවීමෙන් අනතුරුව පුද්ගලයින් හඳුනාගැනීමේදී භාවිතයට ගැනීමට නියමිතව තිබේ.

විශේෂ ප්‍රකාශයක් කරමින් ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා මේ බව පැවසීය.

මේ අතර ගාසා තීරයට ආසන්නයේ සේවයේ නිරතවන ශ්‍රී ලාංකිකයින් 20 දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් ඔවුන් මේ වනවිට රැඳී සිටින නිවාසවලින් ඉවත්ව ආරක්‍ෂිත වෙනත් නිවාස කරා රැගෙන යමින් සිටින බවද ශ්‍රී ලංකා තානාපතිවරයා පවසයි.

මීට අමතරව විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් ඊශ්‍රායලයේ විපතට පත් ශ්‍රී ලාංකිකයින්ට සහන සැලසීම සඳහා අමෙරිකානු ඩොලර් 20,000ක පමණ මුදලක් වෙන්කර ඇති බවද ශ්‍රී ලංකා තානාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

එසේම විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ඩොලර් 10,000ක මුදලක් අනුමත කර ඇත්තේ හදිසි අවශ්‍යතාවයක් උද්ගත වුවහොත් ශ්‍රී ලාංකිකයින් සඳහා ආහාර පාන වෛද්‍ය ප්‍රතිකාර ආදිය ලබාදීම සඳහාය.

Related posts

ඇසිඩ් සමඟ කසිප්පු මාරු වී ගරාජ් බාස් මරුට

colombotoday

අපේ තානාපති හරි.. යහපාලනය විවේචනය කළ චීන තානාපතිගේ ප්‍රකාශය චීන රජය අනුමත කරයි

colombotoday

Breaking : දෙපිරිසක් අතර ගැටුමක්.. ගිංතොට නොසන්සුන් !

colombotoday

පොල්පිතිගම වෙල්යායක දමා ගිය බිළිදියක් හමුවෙයි

Admin

පාඨලීගේ රිය අනතුරු නඩුව විභාගයට දින නියම කරයි

colombotoday

උත්සව සමයේ කූඨ වෙළෙඳුන් සොයා පාරිභෝගික සේවා අධිකාරියෙන් වැටලීම්..

Admin