Colombo Today Local News

වැලි ටිපරයක ගැටී කොස්තාපල්වරයකු මරුට

කුරුණෑගල පොල්ගහවෙල ප්‍රධාන මාර්ගයේ පුහුරිය හංදියේ දී වැලි පැටවු ටිපර් රථයක ගැටීමෙන් පොලිස් කොස්තාපල්වරයකු මියගොස් තිබේ.

සිද්ධියෙන් මියගෝස් ඇත්තේ පොල්ගහවෙල පොලිසියට අනුයුක්තව රාජකාරිකරමින් සිටි (45) හැවිරිදි පොලිස් කොස්තාපල්වරයකු බව පොලිස් මුලස්ථානය පවසයි.

මෙම කොස්තාපල්වරයා ඊයේ(9) රාත්‍රියේ ජංගම සංචාරයේ යෙදී සිටින අතර තුර මාර්ගයේ වාහන හා පුද්ගලයන් පරික්ෂා කරමින් සිටියදි කන්තලේ සිට කඩුවෙල දක්වා වැලි ප්‍රවාහන කරමින් තිබු ටිපර් රථය මාර්ග අයිනේ සිටි කොස්තාපල්වරයාගේ ඇගේ ගැටීමෙන් ඔහු ඉවතට විසිවී බරපතල තුවාල ලබා ඇත.

බරපතල තුවාල ලැබු කොස්තාපල්වරයා පොල්ගහවෙල රෝහලට ඇතුළත් කර පසුව කුරුණෑගල රෝහලට මාරු කර සිටියදි මියගොස් තිබේ.

සැකකාර ටිපර් රථය රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.

Related posts

ජනාධිපතිවරයා සමස්ත රට වැසියන්ගෙන් ඉල්ලීමක් කරයි.

colombotoday

සාහුල් හමීඞ් හිස්බුල්ලා ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට

colombotoday

මෙරටින් පළමු මන්කිෆොක්ස් ආසාදිතයා හමුවෙයි

Admin

අපි ළමයින්ගේ හිත් තුලට දාන දේවල් ගැන ප්‍රවේසම් වෙන්න ඕන

colombotoday

වෙල්ගම, පවිත්‍රා ඇතුළු පිරිසක් ශ්‍රීලනිපයෙන් ඉවතට.. මන්ත්‍රී ධුරත් අහෝසි කිරීමට පියවර ??

colombotoday

දේශපාලනය නොකරන ජනපති පුත් මනෝජ්ගේ නිවස ඉදිරිපිටත් විරෝධතා

colombotoday