Colombo Today Local News

නොබැදි විදේශ ප්‍රතිපත්තිය වෙනුවට අද ඇත්තේ ‘කරුදු පොලු‘ විදේශ ප්‍රතිපත්තියක්

mohomed musammilවත්මන් ආණ්ඩුව නොබැඳි පිළිවෙතක් වෙනුවට ඉන්දු – ඇමෙරිකා ගැති ‘කුරුදු පොලූ’ විදෙස් පිළිවෙතක් අනුගමනය කරන බව, සාක් සමුළුවට සහභාගීවීමට අදාළව අනුගමනය කළ ක‍්‍රියාමැාර්ගවලින් ඉතා පැහැදිලිව දැක ගත හැකි වූයේ යැයි ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප‍්‍රකාශක මොහොමඞ් මුසම්ම්මිල් මහතා පෙන්වා දෙයි.

ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේ පිටකෝට්ටේ පිහිටි එම පක්‍ෂයේ ප‍්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මොහොමඞ් මුසම්මිල් මහතා මෙසේ ද සඳහන් කළේය.

‘‘මේ ආණ්ඩුව බලයට ආවේ නොබැඳි විදේශ ප‍්‍රතිපත්තියක් අනුගමනය කරන බව කියලයි. කමුත් දැන් අපට පෙනෙන්නේ මේ අය ‘කුරුදුපොලූ’ විදේශ ප‍්‍රතිපත්තිය අනුගමණය කරන බවයි. පසුගිය දිනවල  පාකිස්ථානයේ ඉස්ලාම්බාද් නුවර පැවැත්වීමට නියමිතව තිබූ 19 වැනි සාර්ක් සමුළුව පැවැත්වීම පිළිබඳ අර්බුදකාරී තත්වයක් හට ගෙන තිබුණා. එහිදී ඉන්දියාව තමන්ට බලපෑම් කළ හැකි රටවලට බලපෑම් කරනවා ‘නුඹලා සාර්ක් සමුළුවට සහභාගී නොවිය යුතුයි’ කියලා. ඒ බලපෑම් හමුවේ ඇෆ්ගනිස්ථානය, බංගලාදේශය හා භූතානය සාක් සමුළුවට සහභාගී නොවීමට තීරණයකර තිබුණා.

ඒ වන විට මෙවර සාර්ක් සමුළුව පැවැත්වීම පිළිබඳව අවසන් තීරණයක් ගෙන තිබුණේ නැහැ. නමුත් මේ සමුළුව පැවැත්වීම කල් යන බව දැන දැනත් ශ‍්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය තම ස්ථාවරය දැනුම් දෙනවා ‘ශ‍්‍රි ලංකාව, පවතින වාතාවරණය මත සාර්ක් සමුළුවට සහභාගී නොවීමට තීරණයකර ඇත’ කියලා. ඒක ඉතා බරපතල තීරණයක්.

‘පාකිස්ථානය සැබෑ මිතුරෙක්ෟ’

අපි එහෙම කියන්නේ, පාකිස්ථානය ශ‍්‍රි ලංකාවට ඉතාමත් මිත‍්‍රශිලී රාජ්‍යයක් නිසයි. රටක් ලෙස අප ඉතා අසීරු තත්වයන්ට මුහුණ දුන් අවස්ථාවල පකිස්ථානය අපට දැවැන්ත සහයොගයක් ලබා දී තිබෙනවා. අපට මතකයි, ශී‍්‍ර ලංකා හමුදාවන්ට, වඩමාරචච් මොහෙයුමට පෙර එවතට පාකිස්ථානයේ ජනාධිපති සියා උල් හක් මහතාගේ පෞද්ගලික මැදිහත්වීම මත යුද පුහුණුව ලබා දුන් ආකාරය. ඉන්දියාවේ බලපෑම මත කිසිදු රටක් එවැනි සහයෝගයක් ලබා දීම ප‍්‍රතික්ෂේප කළ අවස්ථාවකයි අපට පකිස්ථානය එකී සහයෝගය ලබා දුන්නේ. ඒ වගේම 2000දී පමණ යාපනය ප‍්‍රදේශයේ ස්ථානගතකර තිබූ ශ‍්‍රී ලංකා හමුදාවලට කොටි ප‍්‍රහාරයක් එල්ල වුණා. ඒ අවස්ථාවේ කිසිදු රටක් අපේ පිහිටට හිටියේ නැහැ. ඒ මෙහොතේ පකිස්ථානය ඔවුන් කාෂ්මීරයේ ස්ථානගතකර තිබූ මල්ටි බැරල් රොකට් ලොන්ජර් පවා අපට ලබා දුන්නා. ඒ වන විට යාපනය අර්ධවීපයේ 30,000ක පමණ අපේ හමුදා භට පිරිස් සිටියා. ඉන්දියාව කීවේ, ඒ පිරිස් ඉවත්කර ගන්න නැව් දෙන්නම් කියලයි. ඒ වගේම මාන්ෂීය මෙහෙයුම ඇතුළු ත‍්‍රිවිධ හමුදාවන්හි, පුහුණුව්මී සඳහා පකිස්ථානය ලබා දුන් සහයෝගය සුළුපටු නැහැ. ඒ ආකාරයට කොටි පරදවන යුද්ධයේදී අපට පකිස්ථානය සැබෑ මිතුරකු ලෙස සහයෝගය ලබා දුන්නා.

‘ආණ්ඩුවේ ස්ථාවරය අපි හෙළා දකිනවා’

ඒ විතරක් නොවෙයි, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය අපට එරෙහිව දිගින් දිගටම ක‍්‍රියාමාර්ග ගන්නා විට අපත් සම`ග සිටි රුසියාව, චීනය. කියුබාව වැනි රටවල් අත ලාස්ස අතර පකිස්ථානයද සිටියා. ඒ වගේම ඇමරිකා එක්සත් ජනපදය ශ‍්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් ගෙන ආ අවස්ථාෙවිදී ශ‍්‍රී ලංකාවත් ඊට සහයෝගය පළ කරද්දී එහි පවතින භයානක බව පැහැදිලිකර දුන් රටවල් කීපය අතර ද පකිස්ථානය සිටියා. ඒ නිසා පකිස්ථානයට එරෙහිව ආණ්ඩුව ගත් ස්ථාවරය අපි දැඩි සේ හෙළා දකිනවා. නොබැඳි පිළිවෙත ගැන කියමින් මේ ආණ්ඩුව කරන්නේ රටට සතුරු රාජ්‍යයන් සම`ග එකතු වී සැබෑ මිතුරු රාජ්‍යයන්ට ප‍්‍රහාර එල්ල කිරීමයි. ඒක ‘කුරුදුපොලූ’ විදේශ ප‍්‍රතිපත්තියක්. රුසියාවට එරෙහිව එක් වෙස්ථාවක මේ ආණ්ඩුව ඇමෙරිකා එක්සත් ජනපදයේ යෝජනාවකට අත එසවුවා. දැන් පකිස්ථානයට එරෙහිව ඉන්දියාව සමග කරට අත දමාගෙන සිටිනවා. අපි මේක දකින්නේ ආණ්ඩුව ‘ඉන්දියානුකරණය’ වීමේ තවත් එක් පියවරක් ලෙසයි.

එට්කා ගිවිසුම හරහා ශ‍්‍රී ලංකාවේ සේවා ආර්ථිකය සම්පූර්ණයෙන් ඉන්දියාවට විවෘත කරදීමේ උවමනාවෙන් කටයුතු කරන මේ ආණ්ඩුව විදේශ ප‍්‍රතිපත්තිය පවා ඉන්දියාවට අවශ්‍ය පරිදි හැඩගස්වා ගෙන ඇති බවයි ඉහත තීරණයෙන් පෙනෙන්නේ. මේ රටේ බහුතර මුස්ලිම් ජනතාව මේ ආණ්ඩුව බලයට ගෙන ඒමට කැපවුවා. නමුත් මේ ආණ්ඩුව අද මුස්ලිම් රාජ්‍යයක් සේම අපට ගෙවුණු ඉතිහාසය පුරා සැබෑ මිතුරකු වූ පකිස්ථානයට සලකන ආකාරය මුස්ලිම් ජනතාවගේ අවධානයට ලක් විය යුතුයි’

– අනුරුද්ධ බණ්ඩාර රණවාරණ

Related posts

චම්පිකගේ වැය ශීර්ෂය පාර්ලිමේන්තුවේදී පරාජයට පත්වේ

colombotoday

ඇමති ලක්ෂ්මන් යාපා මිලියනයක අල්ලසක් අරන්! සමාගම් හිමිකරුවෙකුගෙන් සාක්ෂි සහිතවම පැමිණිළි

colombotoday

උලමා හා ISIS සම්බන්ධතා පිළිබදව බොදු බලේ ප්‍රශ්න කරයි…

colombotoday

නායයෑමේ අනතුරු ඇඟවීම් දිස්ත්‍රික්ක දෙකකට සීමා වෙයි

Admin

පලස්තීනයට හුරේ දාන්න ගිය පළිය ඇමරිකාව ගනී.. GSP සහනය කපා දමයි.. ලංකාව ලෝක අමාරුවක වැටේ !

colombotoday

රෑට මහ පාරේ රේස් පැද්ද යතුරුපැදි 24ක් අත්අඩංගුවට. පැද්ද අයට මෙන්ම හිමිකරුවන්ටත් නඩු

colombotoday