Colombo Today Local News

ඇමති ලක්ෂ්මන් යාපා මිලියනයක අල්ලසක් අරන්! සමාගම් හිමිකරුවෙකුගෙන් සාක්ෂි සහිතවම පැමිණිළි

laxman yapa

ආයෝජන මණ්ඩලය සතු නිට්ටඹුව මල්වත්ත ආපනයන සැලසුම් කලාපයේ පවත්වාගෙන ගිය සීමාසහිත ස්ටර්ලින් ගෲප් ලංකා පුද්ගලික සමාගම වසා දැමීමේදී ඒ හා සම්බන්ධ රුපියල් 18,285,800ක මුදලක් නිදහස් කිරීම සඳහා එවකට සිටි ආයෝජනය විෂය භාර අමාත්‍යවරයා සහ ආයෝජන මණ්ඩලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා රුපියල් මිලියනයක අල්ලසක් ඉල්ලූ බවත්, ඒ අනුව එම මුදල චෙක්පතකින් ලබාදුන් බවත්, උක්ත සමාගමේ අධ්‍යක්ෂවරයකු වන ඩිල්ෂාන් ප්‍රනාන්දු ආයෝජන මණ්ඩලයේ සභාපති උපුල් ජයසූරිය වෙත ලිපියකින් දන්වා යවා ඇත.

මෙම ලිපියට අනුව ඩිල්ෂාන් ප්‍රනාන්දු මහතාගේ සමාගමෙන් රුපියල් මිලියනයක් වටිනා චෙක්පතක් නිකුත් කර ඇති අතර, නුගවෙල ගල්ලංගවත්ත රත්නතිලක නිවසේ පදිංචි, අංක 741382687V දරන ජාතික හැඳුනුම්පත හිමි, ආර්.එම්.ජේ.බී. රත්නායක නමැත්තා විසින් ගිණුම පැවති රාජගිරියේ ස්ටෑන්ඩර්ඩ් චාටඩ් බැංකු ශාඛාවෙන් අදාළ මුදල් ලබාගෙන තිබෙන බව තහවුරුව ඇත.

ආයෝජන මණ්ඩලයේ සේවකයකු ද වන ආර්.එම්.ජේ.බී. රත්නායක මහතාගෙන් මේ ගැන විමසූ විට ඔහු පැවසුවේ ඔහු ලක්ෂ්මන් යාපා අබේවර්ධන ඇමැතිවරයා ළඟ එකල සේවය කළ බවත්, ඇමැතිතුමා දුන් චෙක්පතක් මාරු කරගෙන විත් අදාළ මුදල ඇමැතිවරයාට දුන් බවත්ය.

මේ සම්බන්ධයෙන් එවකට සිටි ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය හා වත්මන් මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගෙන් විමසූ විට ඔහු පැවසුවේ තමන් එවැනි චෙක්පතක් කිසිවකුට නොදුන් බවත්, රත්නායක නමැත්තෙකු නොහඳුනන බවත්ය.

කෙසේවුවද, ආයෝජන මණ්ඩල ආරංචිමාර්ග වලට අනුව ආර්.එම්.ජේ.බී. රත්නායක නම් අයකු 2013 වසරේදී ආයෝජන මණ්ඩලයේ සිට ඇති බවත්, ඔහු ලක්ෂ්මන් යාපා අබේගුණවර්ධන අමාත්‍යවරයාගේ කාර්ය මණ්ඩලය අනුයුක්තව සිට ඇති බවයි.

-Srilankanmirror

Related posts

පැනම පත්‍රිකා බොරු.. විද්‍යා අමරපාල පිරිසිදුයි.. FCID ය කියයි !

colombotoday

බමුණු කුලයේ දොස්තරලා යහපාලනය කනවා.. ඔවුන්ට වැඩි වරප්‍රසාද දුන්නොත් විරෝධතා – සමන් රත්නප්‍රිය

colombotoday

මධුර විතාන ගේ ආසනය මධුරිකාට

colombotoday

ඩ්‍රැකියුලා හාමතේ තබමු… 7 වෙනකන් අල්ලන් ඉමු !!

colombotoday

කපුවෙකුට මිලියන 70ක් දුන් ප්‍රියමාලි ලොක්කන්ගේ කෝටි 250කට විදලා… – පොල්ල ඉතිරි වුණු පෙම්වතා පැටිකිරිය වමාරයි

colombotoday

පනත් 3කට සංශෝධන යෝජනා ගැසට් කෙරේ…

Admin