Colombo Today Local News

රජයේ රෝහල්වල පෙට් ස්කෑන් පරීක්ෂණ අඩාල වෙයි

රජයේ රෝහල්වල පෙට් ස්කෑන් පරීක්ෂණ අඩාල වී තිබේ.

ඒ, එම පරීක්ෂණ සිදු කරන කොළඹ ජාතික රෝහලේ හා මහරගම අපේක්ෂා රෝහලේ පෙට් ස්කෑන් යන්ත්‍ර බිඳ වැටීම හේතුවෙනි.

විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා සඳහන් කරන්නේ, මේ හේතුවෙන් රෝගීන් දැඩි පීඩාවට පත්ව ඇති බවයි.

පෙට් ස්කෑන් පරීක්ෂණයක් පෞද්ගලික අංශයෙන් සිදුකර ගැනීමට රුපියල් ලක්ෂ 3කට ආසන්න මුදලක් වැයවන බවද ඔහු පවසයි.

චානක ධර්මවික්‍රම මහතා සඳහන් කරන්නේ, ලීනියර් ඇක්සලේටර් යන්ත්‍ර ක්‍රියා විරහිත වීම හේතුවෙන් මහනුවර හා මඩකලපුව රෝහල්වල විකිරණ ප්‍රතිකාර අඩාල වී ඇති බවයි.

එම ප්‍රතිකාර පෞද්ගලික අංශයෙන් සිදු කිරීමට රුපියල් ලක්ෂ 5 සිට 17ක පමණ මුදලක් වැය වෙයි.

Related posts

පුතාට පොලිස් නිලධාරීන් පහරදීම සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් බලාපොරොත්තු වෙනවා – මෛත්‍රී ගුණරත්න

colombotoday

සමථ මණ්ඩල කොමිෂන් සභාවේ සභාපති සහ කොමසාරිස්වරු පත් කෙරෙති

Admin

ණය සහන දෙසැම්බර් 31 තෙක් දිර්ඝ කෙරේ

colombotoday

ගංජ කිලෝ 370ක් සමග හිටපු මන්ත්‍රී කොටු වෙයි

colombotoday

විදුලිබල මණ්ඩලේ වැටුප් එක්කම ලයිට් බිලත් ඉහළට

colombotoday

පෑලියගොඩ මහ මග නාඳුනන මළ සිරුරක්

colombotoday