Colombo Today Local News

සමථ මණ්ඩල කොමිෂන් සභාවේ සභාපති සහ කොමසාරිස්වරු පත් කෙරෙති

සමථ මණ්ඩල කොමිෂන් සභාවේ සභාපති සහ කොමසාරිස්වරුන් පත් කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නිකුත් කර තිබේ.

ඔක්තෝබර් මස 22 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ පත් කිරීම් සිදු කරනු ලැබ ඇත.

අංක 2304/14 දරන අදාළ ගැසට් පත්‍රය ජනාධිපතිවරයාගේ නියමය පරිදි ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් යුතුව ප්‍රකාශයට පත් කර තිබේ.

එම කොමිෂන් සභාවේ සභාපති ලෙස විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු හෙක්ටර් යාපා මහතා පත් කර ඇති අතර විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නිමල් දිසානායක, විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු චන්ද්‍රදාස නානායක්කාර, ජනාධිපති නීතීඥ විවේකානන්දන් පුවිතරන් සහ ජේ.ඩබ්ලිව්.එස්. සිරිවර්ධන එහි සෙසු සාමාජිකයින් වන බව එම ගැසට් නිවේදනයේ වැඩිදුරට ත් දැක්වේ.

Related posts

අපේ ජන බල පක්ෂයෙන් පාර්ලිමේන්තු යන ඥානසාර හිමිගේ අතීතය

colombotoday

පාරකට නම් ගහන්න ගිය ඇමති සිරිපාල ගම්ලත් ට දැඩි විරෝධයක්

Admin

පානදුර පාපන්දු ක්‍රීඩකයෙක් ඇද වැටී මියගිහින්

Admin

ශ්‍රීලනිපයේ ඉන්නේ මහ ලේකම්වරු නෙවෙයි ‘මහ කේලම්වරුයි‘ – මහින්දානන්දගේ සහයට ආ ඩිලාන්ගෙන් දුමින්දට අමරවීරට ප්‍රහාරයක්

colombotoday

“ගුරුවරුන් නාවත් පාසල් පවත්වගෙන යන්න අපි දන්නවා’’

colombotoday

අඩු මිලට ජලය දෙන නිසා ජනතාව වැඩියෙන් ගන්නවා

colombotoday