World

නවදිල්ලිය ඝන මීදුමකින් වැසෙයි

ඉන්දියාවේ නවදිල්ලි අගනුවර ඝන මීදුමකින් වැසී ඇතැයි එරට මාධ්‍ය පවසයි.

ඝන මීදුම හේතුවෙන්, අගනුවර ගමනා ගමන කටයුතු මුළුමනින්ම අඩපණ වී ඇති අතර, ගුවන් ගමන් 110 ක් අවලංගු කෙරුණි.

ඊට අමතරව, නවදිල්ලි අගනුවර තෙක් ධාවනය වන දුම්රිය 25ක් ද අවලංගු කිරීමට සිදුවුණු බව දුම්රිය බලධාරීහු පැවැසූහ.

ඝන මීදුම උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයට ද බලපා ඇති බවත්, අධිවේගී මාර්ගවල සිදුවුණු රිය අනතුරුවලින් 12 දෙනෙකු තුවාල ලැබූ බවත් වාර්තා විය.

දිල්ලියට අමතරව, පන්ජාබය, හර්යානා, රාජස්ථාන් සහ මධ්‍ය ප්‍රාදේශ් යන ප්‍රාන්තවලින් ද ඝන මීදුම් කාලගුණයක් වාර්තා වේ.

Related posts

කොවිඩ් මර්දනයට එන්නත් වෙනුවට ඖෂධ පෙත්තක්

colombotoday

දලදඬු ෂරියා නීතිය ඇෆ්ගන් කාන්තාවන්ට විශ්ව විද්‍යාල තහනම් කරයි

Admin

ජෝර්දානය, ඊශ්‍රායලය සමඟ ගනුදෙනු අවසන් කරයි

Admin

ලෝක සෞඛ්‍ය සංවිධානයේ සභාපති ස්වයං නිරෝධායනයට

colombotoday

මුස්ලිම් ජාතිකයෙකු යෑයි සිතා ඇමරිකාවේදී හිමිනමකට පහර දීලා

colombotoday

CIA අධ්‍යක්‍ෂ හොර රහසේ ඇෆ්ගනිස්ථානයේදී තලේබාන් නායකයා හමු වෙයි.

colombotoday