Colombo Today Local News

ජනවාරියේ සිට වැට් බද්දට අයත් නොවන භාණ්ඩ ලැයිස්තුව මෙන්න

ලබන ජනවාරි මස පළමුවනදා සිට ක්‍රියාත්මක වන පරිදි වැට් බද්දට යටත් නොවන භාණ්ඩ ලැයිස්තුව දේශීය දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව ඉන්ධන, ළදරු කිරිපිටි, තිරිඟු පිටි, සහල්, සහල් පිටි සහ දේශීයව නිෂ්පාදනය කරන ලද පාන් එම භාණ්ඩ අතරට අයත්.

එමෙන්ම දේශීය ඇඟලුම් නිෂ්පාදන, අධ්‍යාපන සේවා, අධ්‍යාපනික සේවා, පොදු මගී ප්‍රවාහන සේවා, විදුලිය බෙදාහැරීම, භූමදාන හා ආදාහන සේවා, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ආගමන කවුන්ටරයෙන් ඔබ්බට ආපනශාලා සේවා, විදේශ දූත මණ්ඩල සහ රාජ්‍යතාන්ත්‍රික පිරිස් වෙත භාණ්ඩ හා සේවා ද එම භාණ්ඩ ගණයට අයත් වෙයි.

ආපදා සහන සඳහා විදේශීය සංවිධාන මගින් අරමුදල් සපයන භාණ්ඩ හෝ සේවා, විවිධ කාණ්ඩ යටතේ වූ මුල්‍ය සේවා, රෝහල් කාමර ගාස්තු හැර සෞඛ්‍ය සේවා, සකස් නොකළ කෘෂිකාර්මික, උද්‍යාන විද්‍යාත්මක හෝ ධීවර නිෂ්පාදන මෙන්ම දේශීයව නිෂ්පාදනය කරන අත්යන්ත්‍ර රෙදිපිළි වැට් බද්දට යටත් නොවන භාණ්ඩ ලැයිස්තුවට ඇතුලත් වන බව සඳහන්.

Related posts

මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සතියකින් කල් දමයි

colombotoday

“විකුණනවාට මම විරුද්ධයි.. වරාය රැකගන්න මට තනියම අමාරුයි.. මා සමග එක්වෙන්න“ – වරාය ඇමති

colombotoday

නිරෝධායනය මගහැර අකුරණින් පැන්න අයෙක් පරගහදෙනියෙන් අල්ලයි

colombotoday

9 වනදා තවත් ජාතික විරෝධතා දිනයක්

Admin

‘තායි බාට්’ මෙරට විදේශ මුදල ලැයිස්තුවට ඇතුළත් කරයි

colombotoday

රාජිත මාධ්‍යයට ගෙනා සුදු වෑන් රියදුරන් අද අධිකරණයට

colombotoday