Colombo Today Local News

‘තායි බාට්’ මෙරට විදේශ මුදල ලැයිස්තුවට ඇතුළත් කරයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තායිලන්තයේ නිල මුදල් ඒකකය වන ‘තායි බාට්’ මෙරට ‘බැංකු යටතේ නම් කරන ලද විදේශ මුදල ලැයිස්තුවට ඇතුළත් කර තිබේ.

ඒ අනුව ‘තායි බාට්’ මෙරට නිදහසේ මාරු කළ හැකි සහ ලන්ඩන් අන්තර් බැංකු වෙළෙඳපොළ තුළ එක්සත් ජනපද ඩොලර් බවට පරිවර්තනය කළ හැකි මුදල් ඒකකයක් ලෙස භාවිතයට ගැනෙනු ඇත.

අන්තර්ජාතික බ්ලූම්බර්ග් වෙඩ් අඩවියට අනුව ‘තායි බාට්’ යනු 2018 වර්ෂයේ දී ලොව ​හොඳම ක්‍රියාකාරී මුදල් ඒකකය විය.

මහ බැංකුවේ මෙම පියවර සමගින් මෙරට භාවිත කෙරෙන නිල විදේශ මුදල් වර්ග සංඛ්‍යාව 15ක් දක්වා ඉහළ ගොස් ඇත.

‘තායි බාට්’ වලට අමතරව ඔස්ට්‍රේලියානු ඩොලරය, කැනේඩියානු ඩොලරය, චීන රෙන්මින්බි, ඩෙන්මාර්ක ක්‍රෝන්, යුරෝ, හොංකොං ඩොලරය, ජපන් යෙන්, නවසීලන්ත ඩොලරය, නෝර්විජියානු ක්‍රෝන්, ස්ටර්ලින් පවුම්, සිංගප්පූරු ඩොරලය, ස්වීඩන් ක්‍රෝනා, ස්විස් ෆ්‍රෑන්ක්, සහ එක්සත් ජනපද ඩොලරය මෙරට නිල භාවිතයට ගැනේ.

‘තායි බාට්’ එකක ඊයේ (21)දින මෙරට වටිනාකම රුපියල් 6.32ක් විය.

Related posts

සුළි කුණාටුවේ අවදානමෙන් නැගෙනහිර පාසල් දින 3ක් වසා දැමීමට තීරණයක්

colombotoday

කළු පාලම අසල ගඟේ නාඳුනන පුද්ගලයෙකුගේ මළ සිරුරක්

Admin

ජනතා මුදල් තමන්ගෙ වගේ වියදම් කරන්න විලි ලැජ්ජාවක් නැද්ද මරික්කාර්?

colombotoday

“බැදුම්කරේ හින්දා අපට කිසිම පාඩුවක් නෑ” – පී හැරිසන්

colombotoday

මුදල් ඇමති ඉවත් කරන්න කීවෙත් මමයි.. සාගල, විජේදාසත් ඇමති මණ්ඩලෙන් ඉවත් කරනවා

colombotoday

මයික්‍රෝණ 20ට අඩු ලන්ච්ෂීට් කියන්නේ බොරුවක්

colombotoday