World

සභාගර්භයට කඩා වැදී තරුණයන් දෙදෙනෙකුගෙන් ඉන්දීය පාර්ලිමේන්තුවට දුම් බෝම්බ ප්‍රහාරයක්

ඉන්දීය පාර්ලිමේන්තුව (ලොක්සභාව) රැස් වූ අවස්ථාවේදී, සභාගර්භයට දුම් බෝම්බ ප්‍රහාරයක් එල්ල විය.

දුම් බෝම්බ ප්‍රහාරය එල්ල කරනු ලැබුවේ නරඹන්නන්ගේ ගැලියේ සිටි තරුණයන් දෙදෙනකු හිටිහැටියේ සභාගර්භයට කඩා වැදීමෙනි.

තරුණයන් දෙදෙනා වට කර ගනිමින් අල්ලා ගෙන, ඔවුන් ආරක්ෂක අංශ නිලධාරීන්ටත්, පසුව දිල්ලි පොලිසියටත් භාරදීමට කටයුතු කළේ මැති ඇමැතිවරුන් එක් වෙමිනි. ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂය වන කොංග්‍රස් පක්ෂයේ නායක රාහුල් ගාන්ධි ද එම අවස්ථාවේදී සභාගර්භයේ සිටි බව පැවැසෙයි.

සභාගර්භයට එල්ල වුණු දුම් බෝම්බ ප්‍රහාරය ලොක් සභාවේ ආරක්ෂාවට එල්ල වුණු බරපතල තර්ජනයක් ලෙස සැලකෙයි. ලොක් සභාවේ නරඹන්නන්ගේ ගැලරියට පැමිණෙද්දී, ස්ථාන පහකදී ආරක්ෂක නිලධාරීන් විසින් සෝදිසි කරනු ලැබෙන බවත්, තරුණයන් දෙදෙනා ආරක්ෂක අංශ නිලධාරීන්ට හොරොන් දුම් බෝම්බ සඟවාගෙන ආවේ කෙසේදැයි යන්න ගැනත් ගැටලුවක් වී ඇත.

දුම් ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන බවත්, දිල්ලි පොලිසියේ සහාය ඒ සඳහා ලබා ගන්නා බවත් පාර්ලිමේන්තු කතානායක් ඕම් බ්‍රිලා විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.

Related posts

ලොව පුරා සේවය කරන එක්සත් ජාතීන්ගේ කාර්ය මණ්ඩලයේ 86 කට කොරෝනා

colombotoday

පූටීන්ගේ සමීප හිතවතෙක් ඇමරිකානු රාජ්‍ය ලේකම් ධුරයට පත්වෙයි

colombotoday

ට්‍රම්ප්ගේ නව සමාජ මාධ්‍ය ජාලය එළියට

colombotoday

පලස්තීන භූගත මාර්ග පද්ධතියට ඊශ්‍රායලය ගුවන් යානා 160 කින් පහර දෙයි.

colombotoday

ඇමරිකානු ගුවන් ප්‍රහාරයෙන් ලිබියාවේ ISIS නායකයා මරුට

colombotoday

බ්‍රිතාන්‍ය ගුවන් සේවාවලට රුසියානු ගුවන් සීමාව තහනම් කරමින් රුසියාවෙන් නියෝගයක්.

colombotoday