Colombo Today Local News

අධිවේගී මාර්ගවල එස්.ටී.එෆ් ළඟදීම ඉවත් කරනවා – පොලිස් ඇමති කියයි

අධිවේගී මාර්ගවලට අනුයුක්තව සිටින පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් 175 දෙනා ඒ ස්ථානවලින් ඉවත් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පාර්ලිමේන්තුවේදී අද (13)දින පැවසීය.

පොලිස් විශේෂ කාර්ය බලකාය අධිවේගී මාර්ගවල කරන ලොකු දෙයක් නැති බවද ඔහු සඳහන් කළේය.

මහජන ආරක්ෂක අමාත්‍යවරයා මෙසේ පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ සම්බන්ධයෙන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

විශේෂ කාර්ය බළකාය අධිවේගී මාර්ගයේ කරන එකම දේ අනතුරක් වුණොත් ගින්නක් ඇතිවුණොත් කටයුතු කිරීම පමණක් බවත් පසුගිය වසරේදී පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවා ඇත්තේ සිද්ධි එකසිය හැට හතරකට පමණක් බවත් අමාත්‍යවරයා පැවසීය.

ඕනෑම රටක ගිනි නිවීම සහ ගලවා ගැනීම කරන්නේ ගිනි නිවන හමුදාව බව පැවසූ අලස් මහතා මහතා පොලිස් විශේෂ කාර්ය බලකාය හැදුවේ එවැනි දේවල් කිරීමට නොවන බවත් අමාත්‍යවරයා කීවේය.

ටිරාන් අලස් මහතා වැඩි දුරටත් සඳහන් කර සිටියේ….

අධිවේගී මාර්ගවල ඉන්න පොලිස් විශේෂ කාර්ය බළකා පිරිසට අවුරුද්දකට කෝටි විසිහයක් වියදම් කරනවා. ඒ අය අනතුරක් වුණොත් එතනට යනවා නැත්නම් නිකං ඉන්නවා. කුඩු මාෆියාව නැති කරන්න අපිට විශේෂ කාර්ය බාලකාය අවශ්‍යයි. එම බලකායට 2000ක් අඩුයි. අධිවේගී මාර්ගවලට පොලිස් විශේෂ කාර්ය බළකාය ගත්තේ කෙටි කාලයකට.ගිනි නිවන හමුදාවට ඒ කටයුතු කරන්න පුළුවන්. අපි දිනයක් දෙනවා. ඒ කාලය ඇතුළත එස්.ටී.එෆ් එක ගන්න ඕන. පොලිසිය එතන ඉන්නවා. පොලිසිය අයින් කරන්නේ නැහැ.

පොලිසියේ පුරප්පාඩු 21,022ක් තියෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකායේ දෙදාහක් තියෙනවා. ඒ පුරප්පාඩු සම්පූර්ණ කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. යනුවෙනි.

Related posts

ත්‍රස්ත සැකකරුවන්ට ගහන්න එපා, අගෞරව කරන්න එපා.. ජනපතිගෙන් හමුදාවට පොලීසියට උපදෙස්

colombotoday

ජනපති මාධ්‍ය අංශයේ තිබූ ජංගම පටිගත කිරීමේ බස් රථය සහ කෝටි ගණනක් වටිනා තාක්ෂණ උපකරණ අතුරුදන් – වහාම සොයන්නැයි ජනපති නියෝග කරයි !

colombotoday

බැදුම්කර කොමිසමේ දුන් සාක්ෂි අවසන් වාර්තාවේ නෑ.. කඩුවෙන් වහන්න අලියා ලොකු වැඩිවෙයි !

colombotoday

කැබිනට් මාද්‍ය හමුවේදී කියා ඇත්තේ අලි බොරුවක්.. 03 දා එනවා කී පොහොර නැව තාම නෑ

colombotoday

ලංකාව ගැන බ්‍රිතාන්‍ය හා ඇමරිකාව අනුගමනය කරන්නේ දෙබිඩි ප්‍රතිපත්තියක් – නෙස්බි සාමි

colombotoday

විදේශ ආයෝජන ඩොලර් මිලියන 640 ක්‌ ඉවත් කරගෙන

colombotoday