Colombo Today Local News

පොළොන්නරුව ඉරිතලයි.. දරුණු නියගයක්.. වතුරත් නෑ.. රජරට පීඨ 3ක් වසා දැමේ

පොළොන්නරුව සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලට බලපා තිබෙන දැඩි නියගය හේතුවෙන් රජරට විශ්වවිද්‍යාලයේ පීඨ තුනක් අද (29) දිනයේ සිට දින නියමයක් නැතිව වසා දැමීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය තීරණය කර තිබේ.

පවතින ජල හිඟය හේතුවෙන් මෙම තීරණය ගත් බවත්, ඒ අනුව සමාජ විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨය, ව්‍යවහාරික විද්‍යා පීඨය සහ කළමනාකරණ පීඨය මෙසේ දින නිමයක් නොමැතිව වසා දැමීමට තීරණය කළ බවත් රජරට විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය රංජිත් විජේවර්ධන මහතා සඳහන් කළේය.

මේ දින වල පොළොන්නරුව, අනුරාධපුර දිස්ත්‍රික්කවලට බලපා තිබෙන දැඩි නියඟය හේතුවෙන් ජල සැපයුම සීමා කර ඇති අතර බවුසර් මගින් ජලය සැපයුවද එය ප්‍රමාණවත් නොවන බව සඳහන්ය. මේවන විට මහ වැව් සහ කුඩා ප්‍රමාණයේ වැව් බොහෝමයක් සිදී ගොස් ඇති බවද වාර්තා වේ.

Related posts

රහස් පොලීසිය වැලිසර නාවික කදවුර පිරික්සයි!

colombotoday

මෙවර යල කන්නයේදී බණ්ඩි පොහොර මිල අඩු වෙයි

Admin

බලු දඩයට කැබිනට් ඇනුමැතිය ලැබේ.. අයාලේ යැව්වොත් 25000 ක් දඩ, දෙවසරක් සිර දඩුවම්

colombotoday

නියෝමාල් මාධ්‍යවේදිගෙන් සමාව ඉල්ලයි

colombotoday

රටට අත්ව ඇති විපත, ජනපති ඉදිරියේම උපමාවකින් කියා හිටපු ආරක්ෂක ලේකම් සමුගත් හැටි !

colombotoday

කැළෑබෝගස්වැවේ ඓතිහාසික අසාධාරණය

colombotoday