Colombo Today Local News

බලු දඩයට කැබිනට් ඇනුමැතිය ලැබේ.. අයාලේ යැව්වොත් 25000 ක් දඩ, දෙවසරක් සිර දඩුවම්

සුනඛයන් අයාලේ යෑමට ඉඩ හරින අයිතිකරුවන්ට අධිකරණය මඟින් නියම කළ හැකි දඩ මුදල රුපියල් 25,000 දක්වා සහ ලබාදිය හැකි සිර දඬුවම වසර 2 දක්වා වැඩි කිරීම සඳහා වන සුනඛයන් ලියාපදිංචි කිරීමේ ආඥාපනත සංශෝධනය කිරීමේ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ.

ඒ අනුව ආඥාපනත සංශෝධනය කිරීමට අවශ්‍ය නීති කෙටුම්පත් කිරීම සඳහා උපදෙස් ලබාදීමට නීති කෙටුම්පත් සම්පාදක වෙත යෝජනාව යොමු කරනු ඇත.

පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා විසින් එම යෝජනාව ඉදිරිපත් කර තිබූ අතර අයාලේ යන සුනඛයන් පිළිබඳ ප්‍රශ්නය නිරාකරණය කිරීම අරමුණු කරගෙන එම යෝජනාව ඉදිරිපත් කර ඇත.

Related posts

භිෂණයේ අදුරු සෙවණැළි නැවතත් මතුවෙලා.. මෙහෙම ගියොත් නැවත ප්‍රභාකරන්ලා බිහිවෙයි !

colombotoday

අත්‍යවශ්‍ය ඖෂධ 76 ක හිඟයක්

colombotoday

හරක්කටා පළා යාමට උත්සාහ කිරීම ගැන ඒකාබද්ධ විමර්ශනයක්

Admin

බහින්බස් වීමක් දුර දිග යාමෙන් තියුණු ආයුධයකින් පහර දී තරුණයෙක් ඝාතනය කෙරේ

colombotoday

දියතලාව බස් බෝම්බය ගැන ජනතාව නොමග යවා වරද හමුදාවට පටවයි !

colombotoday

ශවේන්ද්‍රගේ පත්වීමෙන් TNA මන්ත්‍රීලා කුලප්පු වෙයි… ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලයි…

colombotoday