Colombo Today Local News

මෙවර යල කන්නයේදී බණ්ඩි පොහොර මිල අඩු වෙයි

මෙවර යල කන්නයේ වී වගාව සඳහා බණ්ඩි පොහොර මිල රුපියල් 4,500කින් පහළ දැමීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

බණ්ඩි පොහොර කිලෝග්‍රෑම් 50ක මිටියක් රුපියල් 18,500ක පමණ මිලකට අලෙවි වන බැවින් එම මුදල ගොවි ජනතාවට දරා ගැනීමට අපහසු නිසා මිල අඩු කිරීමට තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කර ඇත.

මේ පිළිබඳ අවසන් තීරණය ලබන සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩ‍ල සාකච්ඡාවේ දී ගනු ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

මෙරටට පොහොර ආනයනය කරන සහ බෙදාහරින පොහොර සමාගම් සංඛ්‍යාව 12 දක්වා ඉහළ ගොස් ඇති බැවින් මෙම තරඟකාරීත්වයේ වාසිය ගොවි ජනතාවට ලබාදීමට කටයුතු කරන ලෙස මහින්ද අමරවීර අමාත්‍යවරයා පවසා ඇත.

Related posts

රාජ්‍ය ආයතන 5ක ලොක්කෝ 7ක් දොට්ට !

colombotoday

මේ මැතිවරණයේදී අපි බලය ඉල්ලනවා මෙතුවක් කල් පෙන්නල දුන්න අනතුරෙන් රට මුදවා ගන්න – ඥානසාර හිමි මැතිවරණයට

colombotoday

ජනපති රනිල් ජෝන් කෙරී හමු වෙයි

Admin

අගමැති ධූරය කවුරුත් බාර නොගන්නේ ක්ෂණික විසඳුම් නැති නිසයි

colombotoday

වැග්නර් කුලී හේවායන්ගේ කැරැල්ල නිසා වැඩි වූ බොරතෙල් මිල යළි පහළට

Admin

උදයංග වීරතුංග ඩුබායිහිදී අත්අඩංගුවට

colombotoday