Colombo Today Local News

අගමැති ධූරය කවුරුත් බාර නොගන්නේ ක්ෂණික විසඳුම් නැති නිසයි

ආර්ථික අර්බුදයට ක්ෂණික විසදුම් දිය හැකි අයකුට අගමැති ධූරය බාරදීමට රනිල් වික්‍රමසිංහ මහතා සුදානම් වුවත් ඒ කිසිවකු ඊට ප්‍රතිචාර නොදක්වන්නේ මේ අර්බුදයට ක්ෂණික විසදුම් නොමැති නිසා බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා අද (06)දින ප්‍රකාශ කළේය.

රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩුව බාර ගන්නා විටත් තෙල් පෝලිම්, ගෑස් පෝලිම් මෙන්ම පැය 10 ක් 12 ක් විදුලි කප්පාදුවක් තිබුණු බව බොහෝ දෙනකුට අමතක වී ඇති බව කී නියෝජ්‍ය නායකයා එහෙත් බොහෝ දෙනකු අද කතා කරන්නේ අගමැති ධූරයට රනිල් වික්‍රමසිංහ මහතා පත්වූ පසු සියළු අර්බුදය මතුවූවා සේ යැයි ද පැවසීය.

නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මේ බව සඳහන් කළේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී තරුණ සංගම් කිහිපයක් සමඟ පැවැති සාකච්ඡාවකදී ය.

Related posts

වෘත්තීය දක්ෂතා පෙන්වන සිසුන් 09 ශ්‍රේණියේ සිට ම වෘත්තීය අධ්‍යාපනයට යොමු කල යුතුයි. – අධ්‍යාපන ඇමති

colombotoday

ඉඟිනියාගල සිසුවියන් දෙදෙනෙක් අතුරුදන්

Admin

බස් රථ තුළ වෙළෙඳාම් කිරීම තහනම් !

colombotoday

උසස් පෙළ විභාග දෙසැම්බර් 05වනදා ඇරඹෙයි

colombotoday

ලංකාවේ අහස ඩොලර් මිලියන විසි නමයකට ඉන්දියාවට විකුණා අවසන්.

colombotoday

මීටරේ නැතිව 20වනදා පටන් කුලී ගමන් තහනම්

colombotoday