World

යුරෝපයේ විශාලතම සේපෝසේයා න්‍යෂ්ටික බලාගාරයට ප්‍රහාරයක්

යුක්රේනයේ සේපෝසේයා න්‍යෂ්ටික බලාගාරයට රුසියන් හමුදා පහර දී තිබේ. ප්‍රහාරයෙන් පසු බලාගාරයේ ගින්නක් ද හටගෙන ඇත. සේපෝසේයා යනු යුරෝපයේ විශාලතම න්‍යෂ්ටික බලාගාරයයි.

ප්‍රහාරයෙන් බලාගාරයේ හටගත් ගින්න පාලනය කිරීමට නිවා දැමීමටත් ගිනි නිවන භටයන්ට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවුණු බව යුක්රේන මාධ්‍ය වාර්තා පවසයි.

යුක්රේන රජය වෙනුවෙන් රජයේ ප්‍රකාශක අන්ද්‍රේ ටුස් වීඩියෝ පණිවුඩයක් මගින් දන්වා සිටියේ, රුමියන් හමුදා එල්ල කළ ෂෙල් වෙඩි ප්‍රහාරයකින් බලාගාරයට හානි සිදුවී ගින්න හටගත් බවත් බලාගාරයෙන් විකිරණ කාන්දුවක් වීමේ අවදානමක් පවතින බවත්ය.

එසේ විකිරණ කාන්දුක් සිදුවුවහොත් එය දරුණු ඵලවිපාක ගෙනෙනු ඇතැයි බිය පළ කෙරේ. යුක්රේනයේ විදුලි බල නිෂ්පාදනයෙන් සියයට 40 කට දායකත්වය ලබා දෙන්නේ මෙම න්‍යෂ්ටික බලාගාරය යැයි පැවැසෙයි.

මෙම බලාගාරයෙන් විකිරණ කාන්දුවක් සිදුවුවහොත්, එය චර්නෝබිල් බලාගාරයේ විකිරණ කාන්දුවට වඩා හතලිස් ගුණයකින් දරුණු වේවි යැයි විද්‍යාඥයෝ බිය පළ කරති. චර්නෝබිල් න්‍යෂ්ටික බලාගාරය ඇත්තේ යුක්රේනයේය.

1986 වසරේ අත්හදා බැලීමේ කටයුත්තක් සිදුවෙද්දී චර්නෝබිල් බලාගාරයේ න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකය පුපුරා ගියේය. එයින් සිදුවුණු හානිය යුක්රේනයට පමණක් නොව අසල්වැසි යුරෝපා රටවලටත් බලපෑවේය. මේ වනවිට, බෙලරූසය දෙසින් යුක්රේනයට කඩා වැදුණු රුසියන් හමුදා චර්නෝබිල් බලාගාරය අත්පත් කරගෙන ඇතැයි වාර්තා වේ.

Related posts

ලාවා ගලා අයිස්ලන්ත නගරයක් විනාශ වෙයි

Admin

ඉන්දියාව වෙනුවෙන් ප්‍රථම රන් පදක්කම දිනා ගනිමින් නීරාජ් චොප්රා ඉතිහාසගත වෙයි

Admin

පකිස්තානයේ ඉස්ලාම් දේවස්ථාන හරහා තලේබාන් සංවිධානයට අරමුදල් රැස්කරන බවට අවාමි නැෂනල් ලීගයෙන් චෝදනා

colombotoday

කුණු මල්ලක දමා තිබූ බිළිඳියක් රැකගත් සුනඛයා

Admin

රාජ්‍ය සේවකයින්ගේ වැටුප 25% කින් කපයි. ප්‍රසාද දීම‍නා යළි දින දහයක් තුළ ආපසු රජයට ගවන්නැයි නියෝග

colombotoday

වසර 28කට පසු අහස දුටු වැනිලා චිම්පන්සියාගේ සංවේදී වීඩියෝව

Admin