Colombo Today Local News

ගස් හිටවන්න බෑ… අභියාචනාධිකරණය දුන් නියෝගය බලරහිත කරන්නැයි බදියුදීන් ඉල්ලයි

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් විභාගය සඳහා පෙබරවාරි මස 03 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (22) දින නියම කළේය.

විල්පත්තු රක්ෂිත වනාන්තර කලාපය ආශ්‍රිතව පිහිටි කල්ලාරු රක්ෂිත කැළෑ ප්‍රදේශය හෙළිකොට අනවසර ඉදිකිරීම් සිදු කළේ යැයි චෝදනා කරමින් ගොනු කෙරුණු නඩුවකදී අභියාචනාධිකරණය විසින් රිෂාඩ් බදියුදීන්ට එරෙහිව නිකුත් කර තිබෙන නියෝගයක් බලරහිත කරන ලෙස ඉල්ලමින් එම පෙත්සම ගොනුකර තිබුණි.

මෙම පෙත්සම අද මුර්දු ප්‍රනාන්දු සහ එස්. තුරෙයිරාජා යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

විල්පත්තු රක්ෂිත වනාන්තර ආශ්‍රිතව පිහිටි කල්ලාරු හා මරිච්චුකට්ටි වනාන්තර එළිපෙහෙළි කොට අනවසර ඉදිකිරීම් ගොඩනැගීමට එරෙහිව පරිසර යුක්ති කේන්ද්‍රය විසින් 2015 වසරේ එවක අමාත්‍යවරයාව සිටි රිෂාඩ් බදියුදීන් ඇතුළු පිරිසකට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබුණි.

එම පෙත්සම විභාග කළ අභියාචනාධිකරණය අදාළ වනාන්තර එළිපෙහෙළි කිරීම නීති විරෝධී යැයි තීන්දු කරමින් එම ප්‍රදේශයේ යළි ගස් සිටුවීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබුණි.

එම ගස් සිටුවීමේ වැඩපිළිවෙළ සඳහා දැරීමට සිදුවන වියදම හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් විසින් ගෙවිය යුතු බවටද අභියාචනාධිකරණ නියෝගයේ සඳහන් වී තිබුණි.

එම අභියාචනාධිකරණ නියෝගය නීතියට පටහැනි බවත් තමන්ට එරෙහිව සිදුකර තිබෙන අදාළ නියෝග බලරහිත කරන ලෙස ඉල්ලමින් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.

Related posts

‘ඇමතිකමෙන් ඉවත් කළොත් බැඳුම්කර රහස් එළි කරනවා‘ ප්‍රබල ඇමතිගෙන් අගමැතිට තර්ජණ !

colombotoday

ශ්‍රීලනිපයේ මධ්‍යම කාරක සභාව අද රැස්වෙයි

colombotoday

සුෆි මුස්ලිම්වරුන්ට බාදා කරන තබ්ලික් ජමාත් පුජකයා සර්වාගමික ආශිර්වාදයට ගුවන්විදුලි සංස්ථාවට ගෙන්වාගෙන

colombotoday

පළාත් සභාවේ අවසර නැතිව උතුරේ ඉඩම් ගැනීම තහනම් ! විග්නේෂ්වරන් 13 ට පණ දෙයි

colombotoday

සීපා ගිවිසුම නෑ… ඒ වෙනුවට වෙනත් ගිවිසුමක්

colombotoday

මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට විරුද්ධව අදත් විශ්වාසභංගයක් සම්මත කළා – චම්පික රණවක

colombotoday