Colombo Today Local News

සීපා ගිවිසුම නෑ… ඒ වෙනුවට වෙනත් ගිවිසුමක්

ඉන්දියාව සමග සීපා ගිවිසුම අත්සන් නොකරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් අග්‍රාමාත්‍යවරයප වැසුවේ සීපා ගිවිසුමේ අඩංගු කරුණු සහිත වෙනත් නමකින් හෝ ඊට සමාන ගිවිසුමකට රජය අත්සන් නොතබන බවයි.

සීපා ගිවිසුමට එක්කර තිබූ වගන්තිවලට රජය කිසිසේත් එකග නොබන බවත් රටට අහිතකර සීපා ගිවිසුම සම්පූර්ණයෙන්ම ඉවත් කරන බවත් අගමැතිවරයා පැවසීය.

සීපා ගිවිසුම වෙනුවට ඉන්දියාව සමග ආර්ථික හා තාක්‍ෂණ ගිවිසුමක් අත්සන් කිරීමට රජය තීරණය කර තිබෙන බවද ඉන්දීය අගමැතිවරය ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදීත් තම ඉන්දීය සංචාරයේදීත් මේ පිළිබදව සාකච්ඡා කළ බවද අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කලා. එම ගිවිසුම භාණ්ඩ සහ තාක්ෂණ ක්ෂේත්‍ර සදහා පමණක් විය යුතු බවත් වෘත්තීය සේවාවන් සදහා එය වලංගු නොවිය යුතු බවත් රජයේ මතය වන බවයි අගමැතිවරයා වැඩි දුරටත් පැවසූවේ.

ඉන්දියාව සමග පමණක් නොව චීනය සමගද එවැනි ගිවිසුමකට අත්සන් තැබීමටයි රජය අපේක්ෂා කරන්නේ. සිංගප්පූරුව සමගද මෙවැනි ගිවිසුමකට අත්සන් තබන බව අග‍්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී අද ප‍්‍රකාශ කළා.

ඒ සියලූ ගිවිසුම් අත්සන් කිරීමට පෙර වෘත්තිය සමිති මෙන්ම පක්ෂ නායකයින්ද දැනුවත් කර කැබිනට් මණ්ඩලයේද අනුමැතිය ලබා ගන්නා බවයි රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසුවේ. එ්වායේ සියලූ කරුණු පාර්ලිමේන්තුවට හෙළි කරන බවත්, බහුතර එකඟතාවකට අනුව ගිවිසුම් අත්සන් කරන බවත්, අග‍්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.

Related posts

දිනක් තුළ බස්නාහිර පළාතේ කළ වැටලීම්වලින් 389දෙනෙකු අත්අඩංගුවේ

colombotoday

අම්පාර නවගම්පුර කොහු කර්මාන්ත ශාලාවක ගින්නක්

Admin

ශ්‍රී ලංකා පාස්පෝට් එකත් බාල්දු වේ.. ආසියාවේ වටිනාකමක් නැතිම රටවල් අතරින් දෙවන තැනට

colombotoday

පාසල් දැරිය කෙළෙසා නිරුවත් වීඩියෝ විදුහල්පතිට යවලා

Admin

ඩොසර් කළ විජිතපුර බලකොටුවට ගිය මර්වින්ගෙන් ආණ්ඩුවට දැඩි ප්‍රහරයක්

colombotoday

ලබන මැයි දිනයට කලින් සියළුම රාජපක්‍ෂලා කුදලලා හිරේ දානවා දානවමයි…!

colombotoday