Colombo Today Local News

වියළි කාලගුණයෙන් පානීය ජල සැපයුමට බාධා

දිවයිනේ ප්‍රදේශ රැසක පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් පානීය ජල සැපයුමට බාධා එල්ල වී ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ප්‍රධාන ජලාශ හා පානීය ජලය ලබාගන්නා ජල මූලාශ්‍ර සිඳී පවතින බැවින් පානීය ජලය ලබාදීම සීමා කිරීමට සිදුව ඇති බව එම මණ්ඩලය පෙන්වා දෙයි.

පාරිභෝගික ජනතාවගේ පානීය ජල අවශ්‍යතාව සපුරාගැනීම සඳහා පැය 24 පුරා අඛණ්ඩව ජලය බෙදාහැරීම සීමා කිරීමට සිදුවන අතර මෙම තත්ත්වය තුළ උස් බිම්වල වෙසෙන පාරිභෝගිකයින් සඳහා ජලය බෙදාහැරිමේදී අඩු පීඩන තත්ත්වයක් ඇතිවිය හැකි බව සඳහන් වේ.

පවතින තත්ත්වය හමුවේ ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩය ජල පාරිභෝගිකයින්ගෙන් ඉල්ලීමක් කරයි.

Related posts

රට වෙනුවෙන් සිරබත් කන්න මම සූදානම් – ගෝඨාභය

colombotoday

(Video) ගැටඹේ නාහිමියන් ගෝඨාභයට කී ආන්දෝලනාත්මක කතාව

colombotoday

දිස්ත්‍රික්ක 3කට නායයෑමේ අනතුරු ඇඟවීම්

Admin

බඩු මිල ඉහළ ගිය සතුටට එජාප මන්ත්‍රිවරු කිරිබත් බුදියි

colombotoday

ගුරු – විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීමේ චක්‍රලේඛය නිකුත් කෙරේ

colombotoday

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසු ගැටුම: ජාතිවාදී පසුබිමක් නැහැ !

colombotoday