Colombo Today Local News

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසු ගැටුම: ජාතිවාදී පසුබිමක් නැහැ !

Peradeniya 2පේරාදෙණිය සරසවියේ ඇතිවූ සිසු ගැටුමට ඇතැමුන් ජාතිවාදී මුහුණුවරක් දීමට උත්සහා කළද එය එවැන්නක් නොවන බවත්, නවක වදයේ තවත් දිගුවක් හැටියට මෙම ප්‍රහාරය හැදින්විය හැකි බවත් එම විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍යය විද්‍යා පීඨයේ භෞත චිකිත්සක දෙපාර්තමේන්තුවේ අංශ ප්‍රධානී ආචාර්ය ශ්‍යාම් කුමාර බන්නැහැක මහතා පවසයි.

මේ වන විට සරසවි පාලනය ප්‍රහාරකයන් සම්බන්ධයෙන් පියවර ගනිමින් ඇති අතර නවක වාදය හරහා සරසවි තුළට පහර දීමේ කලාවකුත් දැන් එක් වී ඇති බව ආචාර්ය ශ්‍යාම කුමාර බන්නැහැක පෙන්වා දෙයි.

ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය කණ්ඩායමක පීඩාවට :

පසුගිය සඳුදා එල්ල කෙරුන ශිෂ්‍ය ප්‍රහාරයට ගොදුරු වූ , ආරක්ෂක හේතූන් මත සිය නම ප්‍රචාරය කරනු ලැබීමට අකැමැති එක් දමිළ ශිෂ්‍යයෙක් කියා සිටියේ තමන් අවස්ථා කීපයකදීම එක්තරා ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය කණ්ඩායමකින් එල්ල වූ පීඩාවට ගොදුරු වූ බවයි.

එම ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් කැඳවනු ලබන සාකච්ඡා ආදියට තමන් සහභාගී නොවීම හේතුවෙන් ඔවුන් තමන් සමඟ උරණව සිටින බවත් එම ශිෂ්‍යයා දීර්ඝ වශයෙන් විස්තර සහිතව කියා සිටියේය.

‘දවල් ආහාර වෙලාවේ අපි පොදු කාමරයේ සිටියා. ඔවුන් ඇවිත් අපි එතැනින් එලෙව්වා. එතැන කෑම කන්න දෙන්න බැහැ කිව්වා. ඊට පස්සේ අපි කාර් පාරක් එකට ගියා. එතැනිනුත් අපි එලෙව්වා. එදා අපට දවල් ආහාරයත් නැති වුනා’ එම ශිෂ්‍යයා පවසයි.

අනතුරුව තමන්ට එල්ල කෙරුණ ප්‍රහාරය දීර්ඝ වශයෙන් විතර කළ ඊට ගොදුරු වූ ශිෂ්‍යයා තුවාල ලද ශිෂ්‍යයන් කීප දෙනකු රෝහල්ගත කෙරුණ බවත් කියා සිටියේය.

ශිෂ්‍යභාවය අත්හිටුවයි :

ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී ආචාර්ය ෂ්‍යාම කුමාර බන්නැහැක සඳහන් කළේ පහර දීමට සම්බන්ධ සිසුන් කීප දෙනකු හඳුනා ගෙන ඇති අතර පරීක්ෂණ සිදු වෙන අතරවාරයේ ඔවුන්ගේ ශිෂ්‍යභාවය තාවකාලිකව අත්හිටුවා ඇති බවයි.

‘දෙවන වසරේ ශිෂ්‍යයන් කණ්ඩායමක් පළමු වසරේ ශිෂ්‍යයන් කණ්ඩායමකට පහර දී තිබෙනවා. ඒ කතාව ඇත්ත. පහර දීල තියෙන්නේ සිංහල සිසුන් කණ්ඩායමක්. පහර කෑමට ලක් වෙලා ඉන්නේ දෙමළ සහ මුස්ලිම් සිසුන්. එවැනි තත්වයක ඇතත් මම වගකීමෙන් කියනවා මේක ජාතිවාදී ගැටුමක් නොවන බව.’ ආචාර්ය ෂ්‍යාම කුමාර බන්නැහැක වැඩිදුරටත් කියා සිටියේය.

(මූලාශ්‍රය – බීබීසී සංදේශය)

Related posts

2022 සා/පෙළ සෞන්දර්ය ප්‍රායෝගික පරීක්ෂණ 2 වැනි දා සිට ඇරඹේ

Admin

විමල්ගේ සුව දුක් බලන්න ඥාණසාර හිමි බන්ධාගාරයට… විමල් රෝහලට !

colombotoday

දිනේෂ් ශාෆ්ටර් ඝාතනය : ශාෆ්ටර්ගේ සොහොයුරන් දෙදෙනෙකුගෙන් ප්‍රශ්න කරයි

Admin

ජිනීවා සිංහ ප්‍රහාරයෙන් නන්නත්තාර වූ වයිකෝ, ඉන්දියාවේදී සිංහ කොඩි ගිනි තබා යකා නටයි !

colombotoday

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර පිටකල පිරිසට වැඩවරදී

Admin

නාමල් පැඟිරාට බැටන් එක මාරු වන යුගය අවසන් – විමල් වීරවංශ

Admin