Colombo Today Local News

තනි රෝදයෙන් යතුරුපැදි දාවනය කල තරුණයන් හයක් අල්ලයි

දෑත් දෙපසට විහිදුවා තනි රෝදයෙන් යතුරුපැදි පැදවූ තරුණයන් 6 දෙනෙකු පිළියන්දල බෝකුන්දර වීරසිංහ මාවත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලීසිය කියයි.

මාර්ගයේ ගමන් ගමන් ගන්නා අනෙකුත් පුද්ගලයන්ගේ ජීවිතවලට තර්ජනයක් වන අයුරින් තරුණයන් පිරිසක් අධික වේගයෙන් යතුරුපැදි ධාවනය කරන බවට පිලියන්දල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් රංජිත් මහතාට දුරකථනය හරහා ලද ලද තොරතුරක් අනුව මෙම පිරිස අත්අඩංගුවට ගත් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

එම වැටලීම සිදු කිරීමට පෙර පොලිස් උපාය දූතයකු එම ප්‍රදේශයට පිටත්කර යැවූ ස්ථානාධිපතිවරයා තරුණයන් පිරිස ඒ ආකාරයෙන් යතුරු පැදි පදවන අයුරු ජංගම දුරකථනයෙන් වීඩියෝ දර්ශනය කිරීමට ද අමතක නොකළහ.

අනතුරුව එම ප්‍රදේශ ආවරණය වන පරිදි රථවාහන අංශයේ නිලධාරීන් යෙදූ ස්ථානාධිපතිවරයා එලෙස අනාරක්ෂිත අයුරින් යතුරු පැදි තරුණයන් පිරිස යතුරුපැදි සමඟ අත්අඩංගුවට ගැනීමට සමත් විය.

පොලිසිය භාරයට ගත් යතුරුපැදි පරික්ෂා කිරීමේදී ඇතැම් යතුරුපැදිවල පිටුපස රෝදයේ ඉහළින් සවිකර තිබෙන මඩ් ගාඩ් ද ගලවා තිබෙන අයුරු දැකගත හැකි වු බවත් ඔවුන් එසේ කර ඇත්තේ තනි රෝදයෙන් ගමන් කිරීමේ පහසුව සඳහා බව එම තරුණයන් ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී කිරීමේදී අනාවරණය වූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය .

අත්අඩංගුවට ගත් සැකකාර තරුණයන් පොලිස් ඇප මත මුදාහැර ඇත.

Related posts

සති දෙකකට කලින් බුද්ධි අංශ කියලත් සැප් 11 ප්‍රහාරය වලක්වන්න ඇමරිකාවටත් බැරි වුනා. | ඉස්ලාම් අන්තවාදය මානව සමාජයටම අභියෝගයක්. – හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන

colombotoday

ආර්ථිකයට පැලැස්තර ගහලා වැඩක් නැහැ

Admin

කළුතර සුසුවියගේ මරණයේ ප්‍රධාන සැකකරු රිමාන්ඩ්

Admin

මත්පෙති සමඟ දෙදෙනෙක් වටලයි

Admin

2015 විශ්ව යෞවනයා කිරුළ ලංකාවේ දහම්ට

colombotoday

යාපනේ මහාධිකරණ විනිසුරුට වෙඩි තිබ්බේ හිටපු කොටි සාමාජිකයෙක් !

colombotoday