Colombo Today Local News

සති දෙකකට කලින් බුද්ධි අංශ කියලත් සැප් 11 ප්‍රහාරය වලක්වන්න ඇමරිකාවටත් බැරි වුනා. | ඉස්ලාම් අන්තවාදය මානව සමාජයටම අභියෝගයක්. – හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන

ඉස්ලාම් අන්තවාදය සමස්ත ලෝකයම මුහුණදෙන ප්‍රශ්නයක් බවත් එය මානව සමාජයට අභියෝගයක් බවත් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා.

මහා ධන සම්පත් තිබෙන, තාක්ෂණයෙන් ඉහලම, ලෝකයේ බලවත්ම රටේ ආරක්ෂක මුලස්ථානය හෙවත් පෙන්ටගනයට සැප්තැම්බර් 11 එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය වලක්වා ගැනීමට නොහැකි වූ බවත් බින් ලාඩන් ගේ ප්‍රහාරය ඊට සති දෙකකට කලින් ඇමරිකානු බුද්ධි අංශ විසින් දන්වා තිබූ නමුත් ප්‍රහාරය වලක්වා ගන්න ඇමරිකාවටත් බැරි වූ බව වැඩිදුරටත් අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙන ලදි.

අපේ රට, අපේ ජාතිය, අපේ භාෂාව, අපේ ආගම මේ බෞද්ධ සමාජය, බෞද්ධ රට ආරක්ෂා කර ගැනීම සඳහා සැමවිටම අපි දිවිහිමියෙන් අධිෂ්ඨානශීලීව කටයුතු කිරීමේ අවශ්‍යතාවය ද සිරිසේන මහතා අවධාරණය කරන ලදි.

ලක්දිව විශාලතම බෞද්ධ පුස්තකාලය සදහා මංගල ශිලා ප්‍රතිස්ථාපනය කිරීම බොදු බල සේනා නායක පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ සුරතින් (අද) 2021-03-06 වන දින උදෑසන 9ට අතුරුගිරිය, ගල්වරුසාව පාර, යුනිවර්සල් පාර්ක් නිවාස සංකීර්ණ භූමියේ දී සිදු කෙරුණු අතර එම අවස්ථාවට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් දැක්වීම සිදු කරන ලදි.

Related posts

අවම ඡන්ද ලක්ෂ 65ක් ලබාගැනීම අපේ ඉලක්කයයි !

colombotoday

සත පහක්වත් වැය නොකර රජයට රු මිලියන 3500ක් ගෙනා ගෝඨාභයගේ සුපිරි වැඩක් ගැන විජයදාස හෙළි කරයි (Video)

colombotoday

යහපාලන දීගේ දිගටම කෑවොත් සන්ධානයේ සහය ආණ්ඩුවට නෑ..

colombotoday

වයසක නෝනලා චූන් කරන පිරිමි ගණිකා මන්ත්‍රී ගැන විමල් කියයි

colombotoday

සංචාරය කරන්න සුදුසුම රටවල් 23 අතරට ශ්‍රී ලංකාවත්

Admin

ගංජා සමඟ ඇල්ලූ සුමන්තිරන්ගේ රියැදුරාගේ සහෝදරයා බලෙන් නිදහස් කරලා

colombotoday