Articles

ග්ලයිෆොසෙට් වකුගඩු මාරයා දැන් පැකට් වශයෙන් වෙළඳපොලේ !

channa j3රජරට ඇතුළු වියළි කලා‍පයේ පැතිරයන වකුගඩු රෝගයට සෘජුවම සම්බන්ධ ග්ලයිපොසෙට් වල්නාශක දියරය මෙරටට ගෙන්වීම, අලෙවිය හා භාවිතය රජය විසින් තහනම් කිරීමෙන් පසු එම වල්නාශකය කුඩක් ලෙස පැකට් කර අලෙවි කිරීමේ ජාවාරමක් මේවන විට ක්‍රියාත්මක වන බව අනාවරණය වී තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ රජරට විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය ජයසුමන පැවසුවේ ඉන්දියාවේ, හරියානා ප්‍රාන්තයේ සිට උතුරට මේවා මුහුදු මගින් රහසිගතව ගෙන්වා වෙළඳපොළට යැවෙන බවයි.

එහි සැර සියයට 71ක් ලෙස දක්වා ඇති බවත්, මෙම ග්ලයිපොසෙට් හි ඇති උග්‍ර විෂ නිසා රජරට වැව්බැමිවල පස් අංශු එකට බැඳ තබන ක්ෂුද්‍ර ජීවින් විනාශ වී යන බවත්, මේ නිසා සුළු වැස්සකදී පවා වැව් බැමි කඩාගෙන ගංවතුර තත්ත්වයක් ඇති වන බවත්, හෙතෙම පෙන්වාදුන්නේය.

ඒ අනූව රජය මැදිහත්වී වහාම කුඩක් ලෙස ගෙන්වා රහසිගතව වෙළ‍ඳපොළේ අලෙවි කෙරෙන මෙම ග්ලයිපොසෙට් උග්‍ර විෂ කාරකය නතර කිරීමට පියවර ගත යුතු බවත්, එසේ නොකළහොත් මහ විපතක් ඇති විය හැකි බවත්, ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Related posts

ඉස්ලාම් අන්තවාදයට ගොදුරු වූ මුහුදු මහා විහාරය, ඉතිහාසයේ අවසානය අතළගයි !

colombotoday

සිංහල චන්දයෙන් දෙමළ ඊළමක් ලබාගැනීම!

colombotoday

ව්‍යවස්ථා සංශෝධන මගඩියේ කූටප්‍රාප්තිය

colombotoday

ලංකාවට එරෙහි යුද්ධයේ අලූත්ම අවිය ‘සිංගප්පූරු ගිවිසුම’

colombotoday

උඩරට ව්‍යාජ ගිවිසුමෙන් සිංහලේ රාජ්‍යය බ්‍රිතාන්‍යයට පාවා දුන් ඒ අදුරු දිනයට අදට වසර 201යි

colombotoday

මුස්ලිම් වෙළෙන්ඳන්, ෂරියා / ඉහ්වාන් මිණීමරුවන් කරගැනීම – 2

colombotoday