Colombo Today Local News

ශ්‍රීලනිපය දෙකඩයි.. වගකීම මෛත්‍රී භාරගත යුතුයි – හිටපු ජනපතිගෙන් නිවේදනයක්

mahinda rශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බල කණු ආසන සංවිධායක පදවිවලින් ඉවත් කරනු ලැබීම පක්ෂය දෙකඩ කිරීමක් බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසකවරයෙකු වන හිටපු ජනාධිපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ මේ දඩයම නිසා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය දැනටමත් දෙකඩ වී ඇති බවයි.

ආසන සංවිධායකයන් ඉවත් කරනු ලැබීම හිටපු ජනාධිපතිවරයා හඳුන්වන්නේ ඒකාබද්ධ විපක්‍ෂය සමඟ වැඩ කරන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සාමාජිකයින්ගෙන් පළිගැනීමේ නවතම අදියර ලෙසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ විශාල ජන පදනමක් ඇති සංවිධායකවරුන් ඉවත් කොට අඩු ජන පදනමක් ඇති පුද්ගලයන් එම තනතුරුවලට පත් කිරීමෙන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය දුර්වල කිරීමත්, එක්සත් ජාතික පක්‍ෂයට වාසිදායක තත්වයක් ඇති කිරීමත් නිරායාසයෙන්ම සිදු වන බව හිටපු ජනාධිපතිවරයාගේ නිවේදනයේ දැක්වේ.

එම නිවේදනය පහත දැක්වේ.

Related posts

පාස්කු ප්‍රහාරය පිළිබද ජනාධිපති කොමිසමේදී තවත් අනාවරණයක්

colombotoday

දිවයිනට ආ ප්‍රංශ නාවික හමුදා සාමාජිකයින් අද යාල වනෝද්‍යානයේ සංචාරයක

colombotoday

සෝමවංශ අමරසිංහ දිවියෙන් සමුගනී

colombotoday

ජනපති ගෝඨාභය රාජපක්ෂ සහ රාජ්‍ය නායකයන් අතර සාකච්ඡා

colombotoday

මහරගම අනතුරකින් මාර්ගය හිරවෙයි

colombotoday

ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයෙන් ජනිපෙ නිල වශයෙන් ඉවත් වෙයි.. ඒකාබද්ධය බෑ කියයි !

colombotoday