Colombo Today Local News

ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයෙන් ජනිපෙ නිල වශයෙන් ඉවත් වෙයි.. ඒකාබද්ධය බෑ කියයි !

පාර්ලිමේන්තුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයෙන් ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම නිල වශයෙන් ඉවත්වීමට තීරණය කර තිබේ. ඒ සම්බන්ධ ලිපිය අද (19) දිනයේ කතානායකවරයාට බාර දිමට නියමිතය.

ජනිපෙ මෙම තීරණය ගැනීමට හේතුව අදාල ලිපියේ දීර්ඝ වශයෙන් පැහැදිලි කරනු ඇති බවද වාර්තා වෙයි.

මුළු පාර්ලිමේන්තුවම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් යයි කරන ලද ප‍්‍රකාශය මෙම නව තීරණයත් සමග අභියෝගයට ලක් වන අතර තව දුරටත් මුළු පාර්ලිමේන්තුවම ව්‍යවස්තා සම්පාදන මණ්ඩලයක් ලෙස පවත්වාගෙන යාමේ ගැටළුකාරී තත්වයක් ඇති වෙයි.

ඊයේ දිනයේ මේ සම්බන්ධයෙන් සාකච්චාවක් හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේදී ඒකාබද්ද විපක්‍ෂයේ පක්‍ෂ නායකයින්ගේ සහභාගීත්වයෙන් පැවත්වී ඇති අතර එහිදී තීරණය වී ඇත්තේ ජාතික නිදහස් පෙරමුණ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයෙන් ඉවත් වුවද ඒකාබද්ද විපක්‍ෂය තව දුරටත් එහි රැදී සිටීමටයි.

Related posts

අන්තර්ජාලය හරහා හරක් කටාගේ මුදල් මෙහෙයවූ පරිගණක ඉංජිනේරුවා කොටුවෙයි

Admin

තහනම් ඖෂධ තොගයක් සමඟ පොලිස් සැරයන් අත්අඩංගුවට

Admin

ආහාර බහාලුම් දහසක් කොළඹ වරායේ හිරවෙයි

colombotoday

මහනුවර ගණිකා මඩමක් වටලය. තිදෙනෙක් දැලේ

colombotoday

රක්කනාව දිය ඇල්ලේ ගිලී 9 හැවිරිදි දැරියක් ජීවිතයෙන් සමුගනී

colombotoday

ඉන්ධන ගබඩා කරන්න කොළඹ වරායේ ඉඩම් කැබැලි හතරක් ආයෝජකයකුට

Admin